Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අකිල ධනංජය දක්ෂ පන්දු යැවීමක
අන්තර් සමාජ පළමු පෙළ

අකිල ධනංජය දක්ෂ පන්දු යැවීමක

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතිය යටතේ රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ (1 වැනිදා) ආරම්භ වූ තරගයේදී ලකුණු 100 කට කඩුලු 6 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත් විය. 

ධනංජයගේ දක්ෂ පන්දු යැවීම හමුවේ රාගම කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 231 කට සීමා කළ කෝල්ට්ස් ක්‍රීඩකයෝ, තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 57 ක් ලබා සිටියහ. ඒ වන විට නායක සංගීත් කුරේ හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක්ද, ධනංජය ලක්ෂාන් ලකුණු 26 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

ඊයේ ආරම්භ වූ සෙසු තරගවලදී අර්ධ ශතක ලබාගැනීමට සී.සී.සී. කණ්ඩායමේ මිනෝද් භානුක (73), කමිඳු මෙන්ඩිස් (නොදැවී 84) සහ අෂාන් ප්‍රියන්ජන් (නොදැවී 53), එන්.සී.සී. කණ්ඩායමේ කමිල් මිෂාර (90), කවින් බණ්ඩාර (55) සහ සහන් ආරච්චිගේ (නොදැවී 70), ගාල්ල කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය (84) සහ ශාලිත් ප්‍රනාන්දු (65) සමත් වූහ.

එහිදී මුවර්ස් කණ්ඩායමේ මොහොමඞ් ශමාස් (91), සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ ලොහාන් ද සොයිසා (නොදැවී 52), බී.ආර්.සී. කණ්ඩායමේ  දුලාෂ් උදයංග (68) සහ බදුරලිය කණ්ඩායමේ පර්වේස් රසූල්ද (නොදැවී 72) අර්ධ ශතක ලබාගත් අතර සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 


සී.සී.සී. - පානදුර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 274
(මිනෝද් භානුක 73, කමිඳු මෙන්ඩිස් නොදැවී 84, පවන් රත්නායක 21, අෂාන් ප්‍රියන්ජන් නොදැවී 53) 


කෝල්ට්ස් - රාගම තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
රාගම පළමු ඉනිම - සියලු දෙනා දැවී 231
(යොහාන් ලියනගේ 32, ජනිත් ලියනගේ 35, අවිෂ්ක තරිඳු 26, රනිමිත් ජයසේන 21, දුලාජ් බණ්ඩාර 27, නිපුන් මාලිංග 30, අකිල ධනංජය 100/6, උදිත් මධුෂාන් 42/2) 
කෝල්ට්ස් - පළමු ඉනිම කඩුල්ලක් දැවී 57
(සංගීත් කුරේ නොදැවී 29, ධනංජය ලක්ෂාන් නොදැවී 26) 

යුද හමුදා - මීගමුව තරගය කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී 
යුද හමුදා පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 53
(පැතුම් බොතේජු 29, නිෂාන් පීරිස් 16/2) 

ගාල්ල - නුගේගොඩ තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
ගාල්ල පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 310 
(ඉරෝෂ් සමරසූරිය 84, රාඝව් ධවාන් 26, බුද්ධික හසරංග 34, ශාලිත් ප්‍රනාන්දු 65, සචිත්‍ර පෙරේරා නොදැවී 45, පසිඳු මධුෂාන් නොදැවී 33, සඳුන් මධුෂංක 92/4, චලන ද සිල්වා 76/2) 

එන්.සී.සී. - බ්ලූම්ෆීල්ඞ් තරගය කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී 
එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 277
(කමිල් මිෂාර 90, කවින් බණ්ඩාර 55, සහන් ආරච්චිගේ නොදැවී 70, අසේල් සිගේරා 20, හස්නේන් බොඛාරි 29/3, ළහිරු මධුෂංක 35/2, සහන් නානායක්කාර 51/2) 

මුවර්ස් - සෙබස්තියනයිට්ස් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී 
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 175
(මොහොමඞ් ශමාස් 91, ප්‍රවීන් ජයවික්‍රම 46, තරිඳු රත්නායක 49/5, චාමිකර එදිරිසිංහ 61/3) 
සෙබස්තියනයිට්ස් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 71
(ලොහාන් ද සොයිසා නොදැවී 52, රමේෂ් මෙන්ඩිස් 31/2) 

බී.ආර්.සී. - එස්.එස්.සී. තරගය කොළඹ එස්.එස්.සී. තරගය 
බී.ආර්.සී. පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 162 
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, දුලාෂ් උදයංග 68, මර්වින් අබිනාෂ් නොදැවී 32, නිම්නක ජයතිලක 20/2) 

බදුරලිය - ද්‍රවිඩ සංගම් තරගය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 
බදුරලිය පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 195 
(අනුක් ප්‍රනාන්දු 27, පර්වේස් රසූල් නොදැවී 72, අයන සිරිවර්ධන නොදැවී 32, ධනංජය ද සිල්වා 26/2, කවිඳු පතිරත්න 49/2) 


අදහස් (1)

අකිල ධනංජය දක්ෂ පන්දු යැවීමක
  • Supuna Monday, 04 December 2023 01:51 PM

    අකිල ආයේ වරෙන් කොල්ලෝ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.