Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී වීම හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පන්දු යැවීම තහනම් කර තිබූ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන අකිල ධනංජයට නැවත අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් අවසර ලැබී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ අකිලට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් පන්දු යැවීමට අවසර ලබාදී ඇති බවයි.
“අකිලගේ පන්දු යැවීමේ ඉරියව් දැන් යථා තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහුට ඉදිරියේදී අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීමට හැකියාව ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (18) පස්වරුවේ අපිට දැනුම්දී තිබුණා” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
අකිල මෙම මස 01 වැනිදා චෙන්නායිහිදී පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්‍ෂණයකට සහභාගි වූ අතර එහි ප්‍රතිඵල අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිමය තත්ත්වයට පත්ව තිබේ.
එංගලන්තයට එරෙහිව පසුගිය වසරේ නොවැම්බර් මස ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී යැයි චෝදනා එල්ල වූ අතර ඔහු ඉන් පසුව ඕස්ට්‍රේලියාවේදී පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්‍ෂණයකට සහභාගි විය.
එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීමේ තහනම් කළේය.
25 හැවිරිදි අකිල ටෙස්ට් තරග පහකදී කඩුලු 27 ක් ද, එක්දින තරග 30 කදී කඩුලු 46 ක් ද, විස්සයි20 තරග 16 කදී කඩුලු 16 ක් ද, දවාගැනීමට සමත්ව සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.