වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට කළුතර තිස්ස මැදි විදුහල් ක්‍රීඩකයෝ අද (05) සමත් වූහ. මොරටුව වේල්ස් කුමර විදුහලට අනු ශූරතාව හිමිවිය. තිස්ස මැදි විදුහල් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කොටසේ ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙය වේ.
තිස්ස මැදි විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අවසන් මහ තරගය විසඳුමකින් තොරව අවසන් වුවත් ප්‍රසාද ලකුණු අනුව තිස්ස මැදි විදුහලට ශූරතාව හිමිවිය.
මිතිර තිනුර තිස්ස විදුහල් පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන එමින් පන්දු 138 කදී හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය.
තිස්ස මැදි මහ විදුහල් පිල පළමු ඉනිම ඕවර 65 කදී කඩුලු 4 ට 217
(මිතිර තිනුර නොදැවී 109, ශෂ්මික වීරසේකර 50, ඉඳුවර ද අල්විස් 44/2)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම ඕවර 31.4 කදී කඩුලු 5 ට 146
(ඉඳුවර ද අල්විස් 46, විනුජ රාන්පුල් 45, ෂෙහාන් රොද්‍රිගු නොදැවී 21, ශෂ්මික වීරසේකර 68/2, ආදිත්‍ය සිල්වා 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.