Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 94 වැනි සුලෝහිත සංග්‍රාමය හෙට - අනිද්දා
මහ ක්‍රිකට් තරග

94 වැනි සුලෝහිත සංග්‍රාමය හෙට - අනිද්දා

editorial - 2024 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර ‘ආචාර්ය එන්.එම්. පෙරේරා’ කුසලාන වෙනුවෙන් 94 වැනි වරටත් පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (2 වැනිදා) සහ අනිද්දා (3 වැනිදා) යන දිනවල කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම වසරේදී ආනන්ද විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඉරුත් ගිම්හාන්ට හිමිවී ඇති අතර සජිත විතානගේ විසින් නාලන්දා විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. ආශිංස නයිනායක ආනන්ද විදුහල් කණ්ඩායමේත්, මිනෝද් කල්දේරා නාලන්දා විදුහල් කණ්ඩායමේත් උප නායකයෝ ලෙස කටයුතු කරති. 

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 93 න් තරග 12 ක ජය තමන් සතුකර ගැනීමට ආනන්ද විදුහල සමත්ව ඇති අතර නාලන්ද විදුහල ජයග්‍රහණය 7 කට හිමිකම් කියයි. තරග 74 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. 2022 වසරේදී පැවැති සුලෝහිත සංග්‍රාමය ජය ගැනීමට නාලන්දා විදුහල සමත් වූ අතර ඔවුන් එම ජයග්‍රහණයට හිමිකම් කීවේ වසර 69 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙම මහ ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර ආචාර්ය පී. ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් 47 වැනි වරට පැවැත්වෙන එක්දින තරගය මෙම මස 17 වැනිදා පැවැත්වේ. මෙතෙක් පැවැති තරග 46 න් තරග 26 ක් ජයගැනීමට නාලන්දා විදුහල සමත්ව ඇති අතර ආනන්ද විදුහල ජයගෙන ඇති තරග සංඛ්‍යාව 15 කි. තරග 5 ක් විසඳුමකින් තොරව නිමාවට පත්වී ඇත. 

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් ද්විත්වයක් වන මෙම පාසල් දෙක මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වැඩිම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සංඛ්‍යාවද (ක්‍රීඩකයින් 55 කට වැඩි) බිහිකර තිබේ. එම ක්‍රීඩකයින් අතුරින් 6 දෙනකු එනම් දිවංගත බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙවීමේ ගෞරවයටද හිමිකම් කියති. 

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක දිවංගත බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩකයකි. 

 

ආනන්ද විදුහල  

පළමු පෙළ (වමේ සිට) - රුවිෂාන් පෙරේරා, සංජය දේවපුර මහතා (සහාය පුහුණුකරු), ජනුදික ශ්‍රියාපාල මහතා (ප්‍රධාන පුහුණුකරු), සමන් හෙට්ටිආරච්චි මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ආර්.ආර්.ඒ. රණසිංහ මහතා (ක්‍රීඩා පාලක), රන්දික පෙරේරා මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඉරුත් ගිම්හාන් (නායක), ලාල් දිසානායක (විදුහල්පති), ආශිංස නයිනායක (උප නායක), සගීත් මධුරංග මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඩී.එන්. රත්නායක මහතා (සහකාර විදුහල්පති), වසන්ත ඉන්දික මහතා (සහකාර ක්‍රීඩා භාර ආචාර්ය), රජීව ක්‍රිෂාන් මහතා (දෙවැනි පෙළ පුහුණුකරු), හසල සංකල්ප මහතා (භෞතචිකිත්සක) සහ ඉසුරු අයේෂ් 
දෙවැනි පෙළ (වමේ සිට) - කවීෂ මෙන්ඩිස්, කිත්ම විතානපතිරණ, දනිඳු සෙල්ලපෙරුම, ඉමේෂ් උඩවත්ත, කෙනුල් ද සොයිසා, නෙතුල එදිරිමාන්න, යසඳු කිරිඇල්ල, මිනග පෙරේරා, මිහින් මුණසිංහ, දිනද අතලගේ, රෂාන් දිලක්ෂ, දිනුර රණසිංහ, ලිත්ම පෙරේරා, කාංචන ද ලිවේරා සහ අයේෂ් ශෂිමාල් 

 


නාලන්දා විදුහල  
පළමු පෙළ (වමේ සිට) - පුන්‍යකාන්ත අබේගුණසේකර මහතා (සහාය පුහුණුකරු), සදෙව් සමරසිංහ, මොනිෂාන් කුරුණාරත්න මහතා (සහකාර ක්‍රීඩා භාර අචාර්ය), එම්.එම්.ජේ. මාරසිංහ මහතා (ක්‍රීඩා පාලක), මිනෝද් කල්දේරා (උප නායක), යූ.ඩී. ඉරාන් චම්පික සිල්වා මහතා (විදුහල්පති), සජිත විතානගේ (නායක), මහේෂිකා විජේරත්න මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති), කපිල නන්දකුමාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), යසිරු සමරකෝන් සහ ප්‍රසන්න දහනායක මහතා (ප්‍රධාන පුහුණුකරු) 
දෙවැනි පෙළ (වමේ සිට) - ඔසද පමුදිත, මානස ද සිල්වා, සනිතු විජේරත්න, හසිත් රත්නායක, මනූප මන්මිත, සහන් ලිත්මිණ, රිසත් ජයරත්න, පුන්සර රාජකරුණා, තිසර දෙව්දුණු, තාරුක සූරියාරච්චි, තිමත් හේරත්, රනුග වාත්තුහේවා, මිනෙව් පරණවිතාන සහ සත්මින සේරසිංහ 

 

අදහස් (0)

94 වැනි සුලෝහිත සංග්‍රාමය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.