Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2032 දී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුළත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පිඹුරු පත් සකස් කරමින් සිටී. ඒ සම්බන්ධයෙන් පසුගිය සඳුදා නිකුත් කරන ලද වාර්තාවක් අනුව, මේ වන විට වයස 5 ත් 12 ත් අතර සිටින ඕස්ට්‍රේලියානු දරුවන් අතුරින් 210,000 ක් දෙනා, ඉදිරි වසර 5 ඇතුළතදී ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකරවා ගැනීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අභිප්‍රායයි. මෙම දරුවන් අතුරින් 60,000 දෙනා ගැහැණු ළමෝ වෙති.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සංස්කෘතියේ ක්‍රිකට් ක්‍රීඩාවට හිමි ස්ථානය තවදුරටත් ආරක්‍ෂා කරගැනීම සඳහා උපායමාර්ගික සැලැස්මක කොටසක් ලෙස මෙම වාර්තාව එළිදක්වා තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ තවත් ඉලක්කයක් වන්නේ වසර 132 කට පසුව (වර්ෂ 1900 න් පසු) ක්‍රිකට් ක්‍රිකට් නැවත වරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමයි 2028 ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් නොවේ නම්, එය වසර 2032 බි්‍රස්බේන් ඔලිම්පික් උළෙලට ඇතුළත් කෙරෙනු ඇත.
ඔලිම්පික් උළෙලක සත්කාරක නගරයට ක්‍රීඩා උළෙල සඳහා ඕනෑම ක්‍රීඩාවක් ඇතුළත් කළ හැකි නමුත් ඒ සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය අවශ්‍ය වේ.
කාන්තා විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය මාසයේ බර්මින්හැම් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැවැත්විණ. එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 9 කින් පරාජය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ රන් පදක්කම දිනාගත්හ. 1998 ක්වාලාලම්පූර් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී එක්දින ක්‍රිතට් තරගාවලියක් පැවැති අතර ස්ටීව් වෝගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එහි රන් පදක්කම දිනාගත්තේය.
මේ අතර 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති උත්සව පැවැත්වීම සඳහා නගරයේ ප්‍රධානතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය වන ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන 50,000කින් යුත් ඔලිම්පික් ක්‍රීඩාංගණයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට බ්‍රිස්බේන් නගර බලධාරීන් සැලසුම් කර ඇත.
මේ අතර ඕස්ට්‍රේලියානුවන්ගේ අවධානය වැඩිදුරටත් ලබාගැනීම සඳහා ඉදිරි වසර 5 ක කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානත්වයෙන් යුත් තරගාවලි 3 කදීවත් ශූරතා දිනාගැනීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ඉලක්කයක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් පැහැදිළි ඉලක්ක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දී තිබේ.
මේ වන විටත් විස්සයි-20 ලෝක ශූරතාව දිනා සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම තව මාස දෙකකින් තමන්ගේ කුසලානය රැකගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේදී තරග බිමට පිවිසෙනු ඇත.
“ අපි අපගේ මූලික වගකීම් ඉටු කරන අතරම නිර්භීත හා පරිවර්තනීය වෙනසක් අත්කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ දැක්මක් මෙන්ම පැහැදිලි සැලැස්මක් මෙම උපාය මාර්ගයේ අඩංගු වේ” යනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නික් හොක්ලි මහතා පැවසීය.
“ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කිරීමට සහ ක්‍රීඩා කිරීමට සියලු දෙනාම එකතුකර ගැනීමට අපි ක්‍රියා කරනවා. ඒ අතරම, ක්‍රිකට් ක්‍රීඩාව ඕස්ට්‍රේලියානුවන් ආඩම්බරයට පත් කරන සියලු දෙනාගේම ක්‍රීඩාවක් බවට පත් කිරීමටත්, සෑම දෙනාටම ඔවුන්ගේ ආශාව සහ කැපවීම වෙනුවෙන් ස්තූති කිරීමට මම කැමතියි” යයි ද නික් හොක්ලි මහතා පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.