
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ 16 වැනි තරගය ලෙස සාජා වොරියර්ස් කණ්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අතර සාජා නුවරදී ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට සාජා වොරියර්ස් කණ්ඩායම සමත් විය. වොරියර්ස් කණ්ඩායමේ මතීෂ පතිරණ එහිදී තරගයේ වීරයා බවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ගල්ෆ් කණ්ඩායමට මතීෂ ප්‍රමුඛ වොරියර්ස් පන්දු යවනන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් විය.
ජයන්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වාලීම සඳහා මතීෂට අනගි සහායක් දුන් වසීම් අක්‍රම් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේ පැතුම් නිස්සංකගේ (3) කඩුල්ලත් සමගිනි. ඩ්වේන් ප්‍රිටෝරියස් ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳහෙළීය. මුයින් අලී පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 45 ක්ද, අස්මතුල්ලා ඔමර්සායි පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 41 ක්ද රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් සාජා වොරියර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ටොම් ඇබෙල් පන්දු 41 කින් ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ජේම්ස් රේව් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
සාජා වොරියර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 174
(ටොම් ඇබෙල් 68, ජේම්ස් රෙව් 39, ඩ්වේන් ප්‍රිටෝරියස් 28, ක්‍රිස් වුඩ් 26/2)
ගල්ෆ් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 163
(රහ්මනුල්ලා ගුර්බාස් 30, මුයින් අලී 45, අස්මතුල්ලා ඔමර්සායි 41, මතීෂ පතිරණ 19/3, වසීම් අක්‍රම් 34/3, ඩ්වේන් ප්‍රිටෝරියස් 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.