Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම්ට දිල්ලි පිලෙන් කෝටි 13 හමාරක්

පැතුම්ට දිල්ලි පිලෙන් කෝටි 13 හමාරක්

editorial - 2025 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලබන වසරේ (2026) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අද අබුඩාබි නුවරදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4 ක මුදලකට පැතුම් නිස්සංකගේ සේවය මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉදිරිපත් විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 13 හමාරක් ඉක්මවනු ඇත. 

මෙය පැතුම්ගේ පළමු අයි.පී.එල්. තරගාවලිය වන අතර මේ වන විට පවතින විනිමය අනුපාතය අනුව ගත් කළ එහිදී ඔහුට හිමිවීමට නියමිත මුදල ශ්‍රී ලංකා රුපියල් දහතුන් කෝටි හැටඑක් ලක්ෂ හැටඑක් දහස් දෙසිය තිස්නමයකි. පැතුම්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීරද දිල්ලි කණ්ඩායමට ඇතුළත්ව සිටියි. 

පැතුම්ට පෙර මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18 ක මුදලකට කොල්කටා නයිට්රයිඩ්ර්ස් කණ්ඩායමටත්, වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටත් අලෙවි වූහ. එහෙත් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙැණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වූ මතීෂ පතිරණ සහ දසුන් ශානක මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. 

මෙම වසරේදී (2025) පැවැති අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේත්, කමිඳු මෙන්ඩිස් සහ ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේත් ලබන වසර (2026) සඳහා තවදුරටත් රඳවාගෙන තිබේ. ඒ අනුව මේ වන විටලබන වසර සඳහා අයි.පී.එල්. වරම් හිමිකර ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව 7 කි. 

පැතුම් සහ මතීෂ හැරුණුකොට මින් පෙර වසරවල පැවැති ක්‍රීඩක වෙන්දේසිවලදී ඉන්දීය රුපියල් කෝටි 4 කට වැඩියෙන් අලෙවි වූ ක්‍රීඩකයන් ලෙස වනිඳු හසරංග (2022 දී කෝටි 10.75), ලසිත් මාලිංග (2011 දී කෝටි 9), නුවන් තුෂාර (2024 දී කෝටි 4.8), ඩිල්ෂාන් මධුෂංක (2024 දී කෝටි 4.6), ඇන්ජලෝ මැතිව්ස් (2011 දී කෝටි 4.4), සනත් ජයසූරිය (2008 දී කෝටි 4.2) සහ මහීෂ් තීක්ෂණ (2022 දී කෝටි 4) හැඳින්විය හැකිය.  


අදහස් (0)

පැතුම්ට දිල්ලි පිලෙන් කෝටි 13 හමාරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.