Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2024 ආසියානු කුසලාන තරගාවලිය දඹුල්ලේදී
කාන්තා ක්‍රිකට්

2024 ආසියානු කුසලාන තරගාවලිය දඹුල්ලේදී

editorial - 2024 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් සභාව නිවේදනය කරයි. තරගාවලිය මේ වසරේ ජූලි මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

තරගාවලිය විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වේ. 

මෙවර ආසියානු කුසලාන කාන්තා තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගි වෙයි. ආසියානු කලාපයේ ප්‍රබලයන් සිව්දෙනා වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශයට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මැලේසියාව, නේපාලය සහ තායිලන්තය ද මෙම තරගාවලියට සහභාගි වෙති. මේ අය අතුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මැලේසියාව, නේපාලය සහ තායිලන්තය ආසියානු කුසලාන කාන්තා තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ ආසියාවේම ටෙස්ට් වරම් නොලද රටවල් අතර පැවැති තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමෙනි. 

පසුගිය වතාවේදී මෙන්ම මෙවරත්, ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සඳහා විනිසුරුවරියන් සහ තරග තීරකවරියන් පමණක් සහභාගි වනු ඇත. 

“2024 දී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා තරගාවලිය ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියානු ක්‍රිකට් සභාවේ කැපවීම අවධාරණය කරනවා. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව වැඩි වීමෙන් ආසියානු කලාපයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වන ජනප්‍රියත්වය සහ වැදගත්කම පිළිබිඹු කරනවා” යයි ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ජේ ෂා මහතා පැවසීය. 

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 8 කාණ්ඩ දෙකකට වෙන්කර තිබේ. එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. 

ජූලි මස 26 වැනිදා අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර 28 වැනිදා අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය. 

‘ඒ’ කාණ්ඩය
ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය

‘බී’ කාණ්ඩය
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මලයාසියාව සහ තායිලන්තය

 


අදහස් (0)

2024 ආසියානු කුසලාන තරගාවලිය දඹුල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.