නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව පසුගියදා පැවැති නිල නොවන ටෙස්ට් සහ එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයන් අට දෙනකුට ජාතික සංචිතයේ දොරගුළු විවර වී තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව විසින් අද (9 වැනිදා) නම් කරන ලද ශී‍්‍ර ලංකා සංචිතයට අයත් කී‍්‍රඩකයන් 24 දෙනා අතරට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල නියෝජනය කරමින් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, සීකුගේ ප‍්‍රසන්න, චතුරංග ද සිල්වා, රමිත් රඹුක්වැල්ල සහ ඩිල්රුවන් පෙරේරා ඇතුළත්ව සිටිති.
නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී කිත්රුවන් විතානගේ කී‍්‍රඩා නොකළ නමුත් ඔහු නිල නොවන ටෙස්ට් තරගාවලියේදී ඉතාමත් සාර්ථක වූ, වේගයෙන් ලකුණු රැස්කළ හැකි පිතිකරුවෙකි. නිල නොවන ටෙස්ට් තරග දෙකේදී ශතකයක්ද සමගින් ලකුණු 265 ක් ලබාගත් කිත්රුවන්ගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 88.33 කි.
නොවැම්බර් මස මුල් සතියේදී ශී‍්‍ර ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම සති එකහමාරක පමණ කාලයකදී එක්දින තරග 3 කට සහ වි:20 තරග දෙකකට පමණක් සහභාගි වන හෙයින් නිල නොවන ටෙස්ට් තරගාවලියේදී සාර්ථකම පිතිකරුවා වූ කෞෂාල් සිල්වා මෙම සංචිතයට ඇතුළත් කර නැත.
ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ශාන්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, තිසර පෙරේරා, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප‍්‍රසන්න, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, රමිත් රඹුක්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ මිලින්ද සිරිවර්ධන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.