රාජකීය තුරඟ තරග සමාජය මේ වසර (2019) සඳහා සංවිධානය කරන නුවරඑළිය තුරඟ තරග මාලාවේ දෙවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය ජයගැනීමට කේ. අනීල් විසින් මෙහෙයවන ලද ස්පිරිටඩ් ටච් තුරඟා සමත් විය. සැතපුමක (මීටර් 1600 ක) දුරකින් සමන්විත වූ මෙවර ‘ආණ්ඩුකාර කුසලාන’ තරගයට තුරඟුන් 11 දෙනෙක් සහභාගි වූ අතර ඉන් ජයගැනීමට ස්පිරිටඞ් ටච් තුරඟා සමත් වුයේ පිට පිට වසර 2 කදී එම තරගය ජයගෙන සිටි අල්කසබා වෙළඹගේ ජයග්‍රාහී වාර්තාව නිමාවට පත් කරමිනි.
මෙම තරගය පසුගිය සඳුදා (15 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්විණ.
මෙම තරගයේදී ලද පරාජයත් සමග පිට පිටම වසර තුනකදී (2017, 2018 සහ 2019) ‘ආණ්ඩුකාර කුසලාන’ තරග ජය ගැනීමට තිබූ දුලභ අවස්ථාවක් අල්කසබාට අහිමි විය. වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ‘ආණ්ඩුකාර කුසලාන’ තරගයේදී මින් පෙර එවන් දක්ෂතාවක් දක්වා ඇත්තේ ලූඩෝ නම් අශ්වයා පමණි. ඒ 1898, 1899 සහ 1900 යන වසර වලදී පිට පිටම තෙවරක් ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය ජයගනිමිනි.
ඉතා තියුණු තරගයකින් අනතුරුව ඉර්වාන් සිං විසින් මෙහෙයවන ලද ‘අල්කසබා’ වෙළඹ සහ නිඛිල් පාමර් විසින් මෙහෙයවන ලද ‘සන්තෝෂ්’ තුරඟා පිළිවෙලින් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
තවත් තියුණු අවසානයක් සහිතව නිමාවට පත්වූ තරගයක් ලෙස මීටර් 2000 ක දුරකින් සමන්විත වූ ‘රැජින කුසලාන’ තරගය හැඳින්විය හැකිය. ස්ටාර් ඒස් සහ රොස්වල්ඞ් යන තුරඟුන් සමග කළ කරට කර තරගයකින් අනතුරුව එම තරගය ජය ගැනීමට ආර්.පී. ශින්ඬේ විසින් මෙහෙයවනු ලැබූ ස්ටාර් ස්කොලර් තුරඟා සමත් විය. එම තරගයට තුරඟුන් 8 දෙනෙක් සහභාගි වූහ.
තුරඟුන් 6 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති නගරාධිපති කුසලාන තරගයෙන් ජය ලැබීමට එස්.ඩී. ජානක විසින් මෙහෙයවන ලද විගරස් තුරඟා සමත් වූයේ එහිදී කේ. අනීල් විසින් මෙහෙයවන ලද ඔලිව් තුරඟා සහ ඉර්වාන් සිං විසින් මෙහෙයවන ලද ග්ලිටරින් තුරඟා දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි.
මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ස්පෝර්ටිං ස්ටාර් අභියෝග කුසලාන තරගය සහ මීටර් 1070 ක දුරකින් සමන්විත වූ එමානුවෙල් වෝහර්ල් අනුස්මරණ කුසලාන තරගය ජයගනු ලැබුවේ ඉර්වාන් සිං විසින් මෙහෙයවන ලද හොනෝරියස් සහ සූලූ ෆැන්ටසි යන තුරඟුන් විසිනි.
මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි විය. තුරඟා, අසරුවා සහ හිමිකරු යන අනු පිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.
තරග ප්‍රතිඵල
එමානුවෙල් වෝහර්ල් අනුස්මරණ කුසලාන තරගය (මීටර් 1070)
1 සූලූ ෆැන්ටසි - ඉර්වාන් සිං - පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
2 ක්‍රිම්සන් ක්විස්ට් - ආර්.පී. ශින්ඬේ - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය
3 මිස් අයිවරි - අජීත් කුමාර් - ඬේවිඞ් ඇන්තනී මහතා
ස්පෝර්ටිං ස්ටාර් අභියෝග කුසලාන තරගය (මීටර් 1400)
1 හොනෝරියස් - ඉර්වාන් සිං - ෆියර්ලස් අශ්වගාල
2 ටොපිඩෝ - ආර්. සෙල්වරාජ් - අනුර දෙල්ගොඩ මහතා
3 ටස්කැනෝ - අජීත් කුමාර් - ඬේවිඞ් ඇන්තනී මහතා
නගරාධිපති කුසලාන තරගය (මීටර් 1600)
1 විගරස් - එස්.ඩී. ජානක - අජන්ත ද සොයිසා මහතා
2 ඔලිව් - කේ. අනීල් - ෆියර්ලස් අශ්වගාල
3 ග්ලිටරින් - ඉර්වාන් සිං - පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
ආණ්ඩුකාර කුසලාන තරගය (මීටර් 1600)
1 ස්පිරිටඩ් ටච් - කේ. අනීල් - ෆියර්ලස් අශ්වගාල
2 අල්කසබා - ඉර්වාන් සිං - දීප්තිකා ජයකොඩි මෙනවිය සහ පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
2 සන්තෝෂ් - නිඛිල් පාමර් - පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
රැජින කුසලාන තරගය (මීටර් 2000)
1 ස්ටාර් ස්කොලර් - ආර්.පී. ශින්ඬේ - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය
2 ස්ටාර් ඒස් - පී. අජින්ක්‍යා - හසංග ජයරත්න මහතා, මනීෂ්රාජ් සෙතී මහතා සහ රන්බීර් සිං මහතා
3 රොස්වල්ඞ් - නිඛිල් පාමර් - පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.