Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෂිල් - දිනුෂ බැංකොක් තරගාවලියට සූදානම්

ෆෂිල් - දිනුෂ බැංකොක් තරගාවලියට සූදානම්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ දෙවැනි අදියර තරගාවලිය ‘තායිලන්ත සත් සාමාජික රග්බි තරගාවලිය’ මේ මස 26 සහ 27 දෙදින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.

මෙම තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ සහ හොං කොං යන රටවල්වලට එරෙහිව තරග කිරීමට නියමිතය.

තරගාවලියේ පළමු දිනය වන 26 වැනිදා පස්වරු 1.52 ට චීන තායිපේ පිලට එරෙහිව ද, පස්වරු 4.22 කට හොං කොං පිලට එරෙහිවද ශී‍්‍ර ලංකා පිල තරග කරයි.

මෙවර පළමු තරගාවලිය ලෙස පැවැති චීන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව සිවුවැනි තැනට පත්විය. ශ්‍රී ලංකා පිලේ නායක ෆාෂිල් මරීජා ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ලක්ව සිටීම නිසා එම තරගාවලියට සහභාගි නොවූහ.

ආබාධයන්ට ලක්ව සිටියද ෆාෂිල් මරීජා සහ දිනූෂ චතුරංග තායිලන්ත තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් සිටිති.

ශ්‍රී ලංකා පිලේ කළමණාකරු රොහාන් චින්තක මහතා පැවසුවේ මරීජා සහ දිනූෂ පුහුණුවීම්වලට සහභාගි වන බවයි.

”මරීජා සහ දිනූෂ පුහුණුවීම්වලට සහභාගි වෙනවා. සංචාරයට සහභාගි වන අවසන් දොළොස්දෙනා මේ සතිය මැද වන විට නම් කරයි” යැයි චින්තක මහතා වැඩි දුරටත් පැවසීය.

 

 


අදහස් (0)

ෆෂිල් - දිනුෂ බැංකොක් තරගාවලියට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.