Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් 16-13 කින් නාවික හමුදාව පරදවයි

හැව්ලොක්ස් 16-13 කින් නාවික හමුදාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (05) පැවැති තරගයෙන් හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 16-13 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

දෙවැනි සතිය අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ හැව්ලොක්ස් පිල පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය වේ.

හැව්ලොක්ස් පිල ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු කර ගත්තේය. නාවික හමුදා පිලට ගෝලයකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.

හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-6 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල වෙනුවෙන් එකම උත්සාහක දිනුම ප‍්‍රසාද් මධුරංග විසින් සම්පූර්ණ කරන ලදී. ඉම්ෂි ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථනය සහ දඩුවම් පහර තුන සාර්ථක කරමින් අතිරේක ලකුණු 11 ක් ගෙන එමින් හැව්ලොක්ස් පිල ජයග‍්‍රහණය දක්වා රැගෙන ආවේය.


- 048


අදහස් (0)

හැව්ලොක්ස් 16-13 කින් නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.