Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් පිල 34-18 කින් ජය ලබයි

හැව්ලොක්ස් පිල 34-18 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ ලොන්ඩන් පෙදෙසේදී අද (28) පැවැති තරගයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 34-18 ක් ලෙස සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.

ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 4 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර සී. ආර්. පිල උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-8 ක් ලෙස පෙරමුණ ගත්තේය.

හැව්ලොක්ස් පිල වෙනුවෙන් ප‍්‍රසාද් මධුෂාන්, නිරෝෂන් ප‍්‍රනාන්දු, ධනුෂ්ක රංජන් සහ රාහුල් ද සිල්වා උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. රිම්සි ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කරමින් හැව්ලොක්ස් පිලට අතිරේක ලකුණු එකතු කිරීමට සමත් වූහ.

සී. ආර්. පිලට කවිදු කොස්තා, සසන්ත ආරියරත්න සහ කාංචන රාමනායක උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ප‍්‍රින්ස් චාමර දඩුවම් පහර සාර්ථක කිරීමට සමත් විය.

 

ජායාරූපය: විකුම් ප්‍රීයදර්ශන


අදහස් (0)

හැව්ලොක්ස් පිල 34-18 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.