Last Update  :  2025-01-12 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණට මාන බලති
අන්තර් සමාජ රග්බි ලීගය

සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණට මාන බලති

editorial - 2025 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

අන්තර් සමාජ රග්බි ලීගයේ 4 වැනි සතිය අවසන් වන විට අපරාජිත බව රැකගෙන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින පසුවූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, පස්වැනි සතියේදී ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ උත්සාහයක නිරතව සිටියි. ඒ මෙතෙක් එහි පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය පසුපසට ඇද දමමිනි. 

පස්වැනි සතිය යටතේ ගුවන් හමුදාවට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අනිද්දා (12 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. එම තරගය ප්‍රසාද ලකුණක්ද සමග ජය ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වුවහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව උදාවනු ඇත. 

මේ වන විට ලකුණු සටහනේ පසුවන මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 4 ක් ජයගෙන මුලු ලකුණු 23 ක් ලබා සිටින අතර සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 3 ක් ජයගෙන මුලු ලකුණු 18 ක් ලබා සිටියි. සී.ආර්. - යුද හමුදා තරගය ප්‍රාසද ලකුණක්ද සමග ජයගැනීමට සී.ආර්. කණ්ඩායම සමත් වුවහොත් ඔවුන්ගේ මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ යනු ඇත. 

තරගාවලිය පුරා අපරාජිතව සිටින මහනුවර කණ්ඩායමට පස්වැනි සතියේදී විවේකයක් හිමිව ඇති අතර සිවුවැනි සතියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ප්‍රසාද ලකුණක් ලබාගැනීමට නොහැකි වීම ඔවුන් අතින් සිදුවූ එකම අඩු පාඩුව විය. 

මේ දක්වා ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 3 ක් ජයගෙන ලකුණු 18 ක් ලබා සිටින හැව්ලොක්ස් කණ්ඩායමටද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට ඒමට අවස්ථාවක් පවතී. ඒ සඳහා ඔවුන් හෙට (11 වැනිදා) හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ප්‍රසාද ලකුණක් සමග ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කර යුතුව තිබේ. 

එසේ වුවහොත් මහනුවර කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා පසු බසිනු ඇත. පස්වැනි සතියේ තවත් තරගයක් හෙට පැවැත්වෙන අතර ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදාව තරග බිමට පිවිසෙනු ඇත. 


පස්වැනි සතියේ සෙසු තරග 
■ ජන. 11 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට 

■ ජන. 11 වැනිදා - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී - පස්වරු 6.30 සිට 

■ ජන. 12 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණට මාන බලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.