දරු ප්‍රසූතියෙන් පසු වැඩි කාලයක් නොගෙන නැවත ටෙනිස් පිටියට පා තැබීමෙන් සිරුරේ ඇතිවූ අතුරු ආබාධ තිබියදීත් ජවසම්පන්න ක්‍රීඩා විලාශයෙන් මෙල්බර්න් නුවර රොඞ් ලීවර් පිටියට එක්රොක් වූ දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ඇද බැඳ තබාගත් අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් අට දෙනා අතරට රිංගා ගැනීමට අද සමත්වූවාය. එය එම හපන්කම කළේ ලොව නොම්මර එකේ ක්‍රීඩිකාව රුමේනියාවේ සිමෝනා හැල්පේ ලකුණු 6-1 ක්, 4-6 ක් සහ 6-4 ක් ලෙස පරාජය කරමිනි.
සිය 24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළ හඹා යන මේ 37 හැවිරිදි ක්‍රීඩිකාව අද සිමෝනා හමුවේ පළමු වටය ජයගැනීමට වැය කළේ මිනිත්තු 23 ක් පමණි. එහෙත් දෙවැනි හා තුන්වැනි වටවලදී සෙරීනාට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සිමෝනා සමත්වූවාය.
සිමෝනා 16 දෙනාගේ වටයට එක්වූයේ සෙරිනාගේ වැඩිමල් සොයුරිය වන වීනස් පරාජය කරමිනි. සොයුරිය පරාජය කිරීමේ වාඩුවත් උපරිමයෙන් පිරිමසා ගත් සෙරීනා ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ 50 වැනි වතාවටය.
“මේක ඉතා තියුණු තරගයක් වුණා. මට ලකුණු ගලාගෙන ආවේ විස්මිත ආකාරයකටයි. මම ටෙනිස් ක්‍රීඩාවට ගොඩාක් කැමැතියි. අනික මේ මගේ ප්‍රියතම ක්‍රීඩා පිටියයි” තරගයෙන් පසුව උද්දාමයට පත්වූ සෙරීනා එසේ කීවාය.
අර්ධ අවසන් පූර්ව වටයේදී සෙරීනා හා තරග වැදීමට නියමිතව ඇත්තේ චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා සමගය. පලිස්කෝවා එතැනට ඇවිත් ඇත්තේ ස්පාඤ්ඤයේ ගාර්බින් මුගුරූසා පරාජය කරමිනි.
අද පැවැති සෙසු තරගවලදී ජපානයේ නයෝමි ඔසාකාද අවසන් අට දෙනා අතරට එක්වූවාය. ඔසාකා පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී සෙරීනා පරාජය කරමින් කුසලානය දිනාගත් ක්‍රීඩිකාවයි.
මෙවර තරගාවලිය පිළිබඳ ඉමහත් බලාපොරොත්තු තැබූ රුසියාවේ මරියා ෂරපෝවා, ජර්මනියේ ඇන්ජලික් කේබර් මෙන්ම ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් පිටියේදී අවසන් වරට ශූරතාව දිනාගත් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ද ආපසු සිය ගම්බිම් බලා යාමට ඊයේ ගමන් මලු සූදානම් කරගත්හ. තරගාවලිය එන්න එන්නම උණුසුම් වී තිබේ.
චෙක් රාජ්‍යයේ තෝමස් පරදවා අවසන් අටට එක්වීමට ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයේ රෆායිල් නඩාල් ඊයේ සමත්විය.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.