
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ යටතේ පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 8 අතර තරගාවලියේදී සැරසන්ස් පිලට එරෙහිව සී.සී.සී පිලත්, බී.ආර්.සී පිලට එරෙහිව එන්.සී.සී පිලත් පළමු ඉනිම පරාජයට පත්වුවද, ශූරතාවලිය හඹා යෑමේදී මෙම කණ්ඩායම් දෙක පූර්ණ ජයග්‍රහණ වාර්තා කළ යුතුව ඇත.
බී.ආර්.සී පිල පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 316 ට පිළිතුරු ලෙස එන්.සී.සී පිලට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 275 ක් පමණි. ලකුණු 41 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ බී.ආර්.සී පිල මේ වනවිට කඩුඩු 5 ක් අහිමිකර ගනිමින් රැස්කර ඇත්තේ ලකුණු 42 ක් පමණි. ඒ අනුව බී.ආර්.සී පිල මේ වනවිට කඩුලු 5 ක් අතැතිව ලකුණු 83 ක් ඉදිරියෙන් සිටියද හෙට උදෑසන ඔවුන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට එන්.සී.සී පන්දු යවන්නන්ට හැකි වුවහොත් පූර්ණ ජයග්‍රහණයක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යෑමේ අවස්ථාව එන්.සී.සී පිලට හිමිවනු ඇත.
සී.සී.සී පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 142 ට පිළිතුරු ලෙස සැරසන්ස් පිල පළමු ඉනිම සඳහා ලකුණු 183 ක් රැස්කළේය. ලකුණු 41 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ සී.සී.සී පිල මේ වනවිට කඩුලු 7 කට ලකුණු 307 ක් රැස්කරමින් සැරසන්ස් පිලට වඩා ලකුණු 266 ක් ඉදිරියෙන් සිටින්නේය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වන හෙට සැරසන්ස් පිලේ සියලු කඩුලු දවාගැනීමට සී.සී.සී පිලට හැකිවුව හොත් ප්‍රසාද ලකුණු සටහනේ තව තවත් ඉදිරියට යෑමට ඔවුන්ට හැකිවනු ඇත.
සුපිරි කණ්ඩායම් 8 අතරේ තරග 4 ක් ඊයේ (15 වැනිදා) ආරම්භවූ අතර එහිදී බී.ආර්.සී පිලේ භානුක රාජපක්ෂ (115) ශතකයත් ලබාගැනීමට සමත්විය. එන්.සී.සී පිලේ ළහිරු උදාර (90), චාමික කරුණාරත්න (93), සී.සී.සී පිලේ මිනෝද් භානුක (92), හලාවත මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය (95) ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගිය ක්‍රීඩකයෝ වූහ.
සැරසන්ස් පිලේ කසුන් රාජිත කඩුලු 9 ක් ද (පළමු ඉනිමේ කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4 ක්), බී.ආර්.සී පිලේ දුවිඳු තිලකරත්න සහ රාගම පිලේ ශශික දුල්ෂාන් කඩුලු 6 බැගින්ද, සී.සී.සී පිලේ ළහිරු ගමගේ කඩුලු 5 ක් ද ලබාගනිමින් මේ වනවිට පන්දුවෙන් දස්කම් දක්වමින් සිටිති.
පළඟ ශූරතාව යටතේ තරග 3 ක් අද (16 වැනිදා) ආරම්භවූ අතර එහිදී එස්.එස්.සී පිලේ දසුන් ශානක (112) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ද්‍රවිඩ සංගම් පිලේ ධනංජය ද සිල්වා කඩුලු 7 ක් සහ මීගමුව පිලේ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 5 ක් දවාගනිමින් අද දිනයේදී පන්දුවෙන් දස්කම් දැක්වීමට ඔවුන් සමත්වූහ.
බී.ආර්.සී සහ එන්.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 316
(දේශාන් ඩයස් 31, භානුක රාජපක්ෂ 115, දිල්ෂාන් ද සොයිසා 27, හෂේන් රාමනායක 36, දුවිඳු තිලකරත්න නොදැවී 53, මොහොමඞ් ශිරාස් 24, අෂේන් ඩැනියෙල් 98/4, ළහිරු කුමාර 63/2)
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 275
(ළහිරු උදාර 90, සහන් ආරච්චිගේ 26, චාමික කරුණාරත්න 93, දුවිඳු තිලකරත්න 63/6, භානුක රාජපක්ෂ 22/2, හෂේන් රාමනායක 44/2)
බී.ආර්.සී දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 42
(ළහිරු කුමාර 31/3, දිලේෂ් ගුණරත්න 05/2)
සී.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 142
(මිනෝද් භානුක 92, අෂාන් ප්‍රියංජන් 22, කසුන් රාජිත 63/5, සාලිය සමන් 33/3, )
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 183
(මිලින්ද සිරිවර්ධන 89, චාමිකර එදිරිසිංහ නොදැවී 34, ළහිරු ගමගේ 29/5, විශ්ව ප්‍රනාන්දු 37/3, ළහිරු මදුශංක 33/2)
සී.සී.සී දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 307
(මිනෝද් භානුක 37, රොන් චන්ද්‍රගුප්ත 39, කුසල් මෙන්ඩිස් 21, අශාන් ප්‍රියංජන් 39, ලසිත් අබේරත්න නොදැවී 88, ළහිරු මදුශංක 63, කසුන් රාජිත 84/4)
හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 269
(ඕෂධ ප්‍රනාන්දු 38, ශෙහාන් ජයසූරිය 95, පුලින තරංග 41, තීක්‍ෂිල ද සිල්වා 22, අසේල ගුණරත්න 37/3, දුෂාන් විමුක්ති 90/3, ජනිත් සිල්වා 20/2)
යුදහමුදාව පළමු ඉනිම - සියලුදෙනා දැවී 216
(මහේෂ් කුමාර 36, දිනේෂ් චන්දිමාල් 62, අසේල ගුණරත්න නොදැවී 43, සීකුගේ ප්‍රසන්න 36, අසිත ප්‍රනාන්දු 71/4, නිමේෂ් විමුක්ති 39/2)
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 85
(කමිඳු මෙන්ඩිස් 22, සීකුගේ ප්‍රසන්න 40/4)
රාගම සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී 258
(සමින්ද ප්‍රනාන්දු 73, ළහිරු තිරිමාන්න 29, උදාර ජයසුන්දර 30, ජනිත් ලියනගේ 25, නිෂාන් ප්‍රනාන්දු 57, අකිල ධනංජය 24/4, ප්‍රභාත් ජයසූරිය 73/3, සංතුෂ් ගුණතිලක 36/2)
කෝල්ට් පළමු ඉනිම - සියලුදෙනා දැවී 163
(සංතුෂ් ගුණතිලක 33, ඇන්ජලෝ මැතිව්ස් 22, ඩිල්රුවන් පෙරේරා 20, ප්‍රභාත් ජයසූරිය 27, ශශික දුල්ෂාන් 45/6, බිනුර ප්‍රනාන්දු 38/2)
රාගම දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 190
(ළහිරු තිරිමාන්න 63, රොෂේන් සිල්වා 67, ප්‍රභාත් ජයසූරිය 51/3, අකිල ධනංජය 34/2)
බදුරලිය සහ මීගමුව කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
බදුරලිය පළමු ඉනිම - සියලුදෙනා දැවී 267
(යශෝධ ලංකා 22, සාලින්ද උෂාන් 51, දුනිත් ජයතුංග 57, දමිත් පෙරේරා 43, තිලකරත්න සම්පත් 28, දුශාන් හේමන්ත 22, අලංකාර අසංක 21, උපුල් ඉන්ද්‍රසිරි 65/5, ලක්ෂිත රසාංජන 65/3)
මීගමුව පළමු ඉනිම - කිසිවකු නොදැවී 20
එස්.එස්.සී සහ ලන්කන් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 332
(සඳුන් වීරක්කොඩි 32, නුවනිඳු ප්‍රනාන්දු 22, කවිඳු කුලසේකර 39, දසුන් ශානක 112, සම්මු අෂාන් 54, සොහාන් ද ලිවේරා 27, චානක රුවන්සිරි 53/3, කේෂාන් විජේරත්න 93/3, දුනිත් වෙල්ලාලගේ 97/3)
ලන්කන් පළමු ඉනිම - කිසිවකු නොදැවී 14
ද්‍රවිඩ සංගමය සහ මූවර්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 206
(දිනුක ඩිල්ෂාන් 43, මොහොමඞ් ශමාස් 23, සචිත්‍ර සේරසිංහ 25, නිපුන් කරුණානායක 44, රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 59/7)
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 37
(රමේෂ් මෙන්ඩිස් 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.