Last Update  :  2026-01-09 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. පිලට එරෙහිව හැව්ලොක්ස් හෙට තරග බිමේ

සී.එච්. පිලට එරෙහිව හැව්ලොක්ස් හෙට තරග බිමේ

editorial - 2026 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ 9 වැනි සතියේ තරග ආරම්භ කරමින් අපරාජිත සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හෙට (9 වැනිදා) පස්වරු 3.45 ට සිය නිවස්න ක්‍රීඩාංගණය වන කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වනු ඇත. 

මේ දක්වා සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගෙන එක් තරගයක් සමව අවසන් කරගෙන සිටින සී.එච්. කණ්ඩායම (ලකුණු 27) ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 5 කට සහභාගි වී තරගය 3 ක් ජයගෙන, එක් තරගයක් ජයගෙන සෙසු තරගයක සමව අවසන් කරගෙන සිටින හැව්ලොක්ස් කණ්ඩායම (ලකුණු 21) ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියි. 

මෙම තරගයේදී සී.එච්. කණ්ඩායම පරාජයට පත්වුවහොත් ඔවුන් මේ දක්වා තරගාවලිය තුළ රැකගෙන සිටින අපරාජිත බව බිඳවැටෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා පහළ වැටීමටද ඉඩ තිබේ. හැව්ලොක්ස් කණ්ඩායමට ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට නම් ලකුණු 10 කට වැඩි පරතරයක් රඳවා ගනිමින් ප්‍රසාද ලකුණද සමග මෙම තරගය ජයගත යුතුය. 

සී.එච්. - හැව්ලොක්ස් තරගයට අමතරව 9 වැනි සතියේ තවත් තරගය 2 ක් අනිද්දා (10 වැනිදා) දිනයේදීද, එක් තරගයක් ඉරිදා (11 වැනිදා) දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. හෙට පැවැත්වෙන තරගවලදී ගුවන් හමුදාවට එරෙහිව ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදීද, යුද හමුදාවට එරෙහිව නාවික හමුදාව පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීද තරග බිමට පිවිසෙනු ඇත. 

මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ඉරිදා නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් 9 වැනි සතිය නිමාවට පත්වනු ඇත. එම තරගය ජයගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද හැකි වනු ඇත. මේ වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 31 ක්ද, මහනුවර කණ්ඩායම ලකුණු 28 ක්ද ලබා පිළිවෙලින් ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටිති. 


නමවැනි සතියේ තරග

■ ජන. 9 - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදී 
■ ජන. 10 - ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ අතර ගුවන් හමුදාව ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී 
■ ජන. 10 - යුද හමුදාව සහ අතර නාවික හමුදාව පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 
■ ජන. 11 - මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

සී.එච්. පිලට එරෙහිව හැව්ලොක්ස් හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.