Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සාන්ත තෝමස් විදුහල ශූරතාව දිනයි

සාන්ත තෝමස් විදුහල ශූරතාව දිනයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය. කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (02) පැවැති අවසන් මහ තරගයේදී සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 2 කින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

සාන්ත තෝමස් විදුහල ලකුණු 79 කට කඩුලූ 5 ක් බිඳ වැටී අසීරු තත්ත්වයක සිටියදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ සචිත ජයතිලක පන්දු 83 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 71 ක් රැුස්කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල් ජයග‍්‍රහණය තම පිල වෙත නතුකර ගැනීමට සමත් විය.

සචිත ජයතිලක පන්දුවෙන් ද දස්කම් දක්වමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 203
(මුදිත ප‍්‍රනාන්දු 31, කුසල් ලක්තිළිණ 30, සඳරුවන් ප‍්‍රනාන්දු 22, සචින්ත සිල්වා නොදැවි 41, දුලංජ සිල්වා 15/2, සචිත ජයතිලක 47/2, තරිඳු රත්නායක 27/2)

සාන්ත තෝමස් විදුහල  ඕවර 45.5 කදී කඩුලූ 8 ට 205
(දුලංජ සිල්වා 47, තරිඳු රත්නායක 25, සචිත ජයතිලක 71, අවිෂ්ක ප‍්‍රනාන්දු 32/2, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු 40/4)


අදහස් (1)

සාන්ත තෝමස් විදුහල ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.