Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින රටාවෙන් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටෝ (136) සහ නායක බෙන් ස්ටෝක්ස් (නොදැවී 75) දෙදෙනා, නොටිංහැම් ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් කරා එංගලන්ත පිල කැඳවාගෙන ගියහ. ජයග්‍රහණය සඳහා ලකුණු 299 ක ඉලක්කයක් කරා ගිය එංගලන්තය, ඕවර 50 කදී මෙම ඉලක්කය පසුකර ගියේ ඕවරයකදී ලකුණු 6.00 කට ආසන්න වේගයක් පවත්වා ගනිමිනි.
නවසීලන්තය සිය දෙවැනි ඉනිමේදී ලකුණු 284 කට දැවී ගිය අතර මුල් ඉනිමේ වාසියත් සමගින් සම්පූර්ණ වාසිය ලකුණු 298 ක් විය. තරගය ජයගැනීමට අවසන් දිනයේදී එංගලන්තයට ලකුණු 299 ක ඉලක්කයක් ලැබිණ.
තරගයේ අවසන් දිනය වූ අද (14 වැනිදා) තේ පානය වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටි එංගලන්තයට අවසන් හෝරා දෙක ඇතුළතදී ලකුණු 160 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් එම කාලය ඇතුළත කඩුලු 6 ක් දවාගත හැකි නම් තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමේ අවස්ථාවද නවසීලන්ත පිලට තිබිණ.
සියල්ල තනි මිටට ගත් ජොනී බෙයාර්ස්ටෝගේ ප්‍රචණ්ඩ පිතිහරඹය හේතුවෙන් එංගලන්ත පිලට පන්දු 92 කින් ලකුණු 136 ක් එක්විය. යන්තම් පැය දෙකහමාරක් දිගු වූ බෙයාර්ස්ටෝගේ පන්දු 92 ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් විය.
එංගලන්තය වෙනුවෙන් අවශ්‍යම මොහොතේදී ඉදිරිපත්වන නායක බෙන් ස්ටෝක්ස්, සමග එක්වූ බෙයාර්ස්ටෝ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක් එකතු කළේ තරගය නවසීලන්තයෙන් ඉවතට ඇදගෙන යමිනි.
නවසීලන්තය - පළමු ඉනිම 553
එංගලන්තය - පළමු ඉනිම 539 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම 284 යි
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 5 ට 299 යි
(ඇලෙක්ස් ලීස් 44, ඔලී පෝප් 18, ජොනී බෙයාර්ස්ටෝ 136 යි, බෙන් ස්ටෝක්ස් නොදැවී 75, බෙන් ෆෝක්ස් නොදැවී 12, ට්‍රෙන්ට් බෝල්ට් 94/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.