Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරතාව දිනන්න මැලේසියාව පැරදවිය යුතුමයි

ශූරතාව දිනන්න මැලේසියාව පැරදවිය යුතුමයි

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මැලේසියාව අතර තීරණාත්මක අවසන් තරගය ඉපෝ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී හෙට (20) පැවැත්වේ.  මෙම තරගය මැලේසියානු වේලාවෙන් පස්වරු 4.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.


ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගැනීමට නම් මෙම තරගය ජය ලැබීම අනිවාර්ය වී තිබේ. සත්කාරක මැලේසියාවට මෙම තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීම ශූරතාව දින ගැනීමට ප්‍රමාණවත් වී තිබේ.


ශ්‍රී ලංකාව මෙම තරගය ජය ලැබුවහොත් අවසන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් ද මැලේසියාව ජය ලැබුවහොත් අවසන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14 ක් ද, බවට පත් වේ.


තරගය සමව අවසන් වුවහොත් දෙපිලටම ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිව මැලේසියා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක් ද, ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 11 ක් ද, බවට පත්වේ.


ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකේදී පිලිපීනය ලකුණු 24-13 කින් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ලකුණු 33-17 කින් ද, පරාජය කරමින් අතිරේක ප්‍රසාද ලකුණත් ද සමගින් අපරාජිතව ප්‍රසාද ලකුණු 9 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වෙයි.


මැලේසියාව තරග දෙකේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය ලකුණු 36-22 කින් ද, පිලිපීනය ලකුණු 40-8 කින් ද, පරාජය කරමින් අතිරේක ප්‍රසාද ලකුණු 2 ක් සමගින් ප්‍රසාද ලකුණු 10 ක් ලබා අපරාජිතව පළමු ස්ථානය හිමිකරගෙන සිටියි.


ශ්‍රී ලංකා පිල පිලිපීනයට එරෙහිව තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණ ලබා ගැනීමට අපොහොසත් වූ අතර මැලේසියාව තරග දෙකේදීම අතිරේක ප්‍රසාද ලකුණ බැගින් ලබා ගත්තේය.


   මෙම තරගය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ නායක රොෂාන් වීරරත්න පැවසුවේ මැලේසියාව පරාජය කිරීමට තම කණ්ඩායම තුළ හොඳ ආත්මවිශ්වාසයක් ඇති බවයි.


“මෙම තරගය අනිවාර්යෙන්ම දිනන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ තරගය තමයි අපිට ඇත්තටම තරගකාරිත්වයක් තියෙන්නේ. පසුගිය වසරේ අපි මැලේසියාවට පරාජය වුණා. ඒ නිසා හොඳ සූදානමක් තියෙනවා”


“මට ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර අපි ජයග්‍රහණය කරනවා කියලා. ශ්‍රී ලංකාවට කුසලානය අරගෙන යන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ” යැයි වීරරත්න වැඩි දුරටත් පැවසීය.


ශ්‍රී ලංකා පිලේ සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රංජන් දෙවැනි තරගයේදී උරහිස ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයට සහභගි වීම අවිනිෂ්චිත තත්ත්වයකට පත්ව තිබූ අතර ඔහු පුහුණුවීම්වලින් ද ඉවත්ව සිටියේය. සත් සාමාජික රග්බි පිලේ නායකයා ද වන වේගවත් ක්‍රීඩක ධනුෂ්ක පළමු තරග දෙකේදීම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර ඔහුගේ සේවය මෙම තරගයේදී නොලැබුණ හොත් එය දැඩි පාඩුවක් වනවාට සැක නැත.


මැලේසියානු පිලේ සමස්තයක් ලෙස ශරීරයෙන් විශාල මෙන්ම වේගයෙන් දුවන ක්‍රීඩකයෝ සිටිති. මැලේසියාව ජය ලැබූ තරග දෙකේදීම වේගයෙන් දිවයමින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ආකාරය දැකගත හැකිවිය.  


තරගාවලියේ පස්වැනි තරගය පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර හෙට (20) පස්වරු 2.00 ට පැවැත්වේ.


අදහස් (0)

ශූරතාව දිනන්න මැලේසියාව පැරදවිය යුතුමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.