Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශා. පීතරයෝ තර්ස්ටන් පරදවති
ජනාධිපති කුසලාන රග්බි

ශා. පීතරයෝ තර්ස්ටන් පරදවති

editorial - 2025 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) පැවැති තරගයකදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 51-08 ක ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
 
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 34-03 ක් ලෙස ශාන්ත පීතර විදුහල පෙරමුණ ගත්තේය. එහිදී ශාන්ත පීතරයෝ  ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින්ද, තර්ස්ටන්  ක්‍රීඩකයෝ දඬුවම් පහරක්  මගින්ද ලකුණු ලබාගත්හ.
 
දෙවැනි අර්ධයේදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම 2 ක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 17 ක් එක්කර ගනිද්දී, තර්ස්ටන් විදුහලට  උත්සාහක දිනුමක් මගින් දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

මරදාන සහිරා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර ඊයේ (26 වැනිදා) පැවැති මූලික වටයේ තරගය ජයගත් සහිරා විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත පීතර  විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 3 වැනිදා පස්වරු 4.15 ට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.  

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ශා. පීතරයෝ තර්ස්ටන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.