ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික රග්බි කැලැන්ඩරයේ වඩාත්ම ගෞරවාන්විත සත් සාමාජික තරගාවලිය වන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය ජූලි මාසයේදී නැවතත් රග්බි පිටිය උණුසුම් වනු ඇත. එහි පළමු අදියර ජූලි මස 8 සහ 9 මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදිත්, දෙවැනි හා අවසන් අදියර ජූලි මස 15 සහ 16 කොළඹ තුරඟ තරග පිටියේදිත් පැවැත්වෙයි.
ඇක්සස් කිංග්ස්, කාගිල්ස් ග්ලැඩියේටර්ස්, එටිසලාට් පැන්තර්ස්. ඊසි වුල්ව්ස්, කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස්, සොෆ්ට්ලොජික් වොරියර්ස්, මොබිටෙල් ඊගල්ස් සහ වෝකර්ස් වයිපර්ස් කණ්ඩායම් අට ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගබිමේ දෙවැනි වරටත් තරග වදිති. මෙම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.
පළමු දිනයේදී සෑම කණ්ඩායමක්ම අදාළ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සමග තරග වදිමින් දෙවැනි දිනයේ පැවැත්වෙන කුසලාන, බඳුන, පළිහ සහ පළඟ ශූරතා සඳහා පැවැත්වෙන තරගවලට සුදුසුකම් ලබාගනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම ෆිජී, නවසීලන්තය, සැමෝවා, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය රටවල අන්තර්ජාතික මට්ටමේ සුපිරි රග්බි තරු මෙවරත් ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියට එක්වීමට පෙළ ගැසී සිටිති.
අවසන් මොහොතේ කාගිල්ස් ග්ලැඩියේටර්ස් පිල එල්ල කළ අභියෝගයට ධෛර්යසම්පන්නව මුහුණදුන් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම පසුගිය වසරේ දී සමස්ත ශූරතාව දිනාගත්තේය. පාසල් තරගාවලියේදී අදියර 2 දීම ප්‍රසාද ලකුණු එකතුවට අනුව සාන්ත ජෝශප් විදුහල් පිලට වඩා ලකුණු 2ක් ඉදිරියෙන් පසුවූ ඉසිපතන විදුහල් පිල පාසල් තරග ඉසව්වේ ශූරයෝ බවට පත්වූහ.
දෙවැනි අදියරේ තරගාවලියත් පළමු අදියරේ මුහුණුවර ඔස්සේම පැවැත්වෙන අතර එක් එක් කණ්ඩායම් දැක්වූ දක්ෂතා අනුව ලැබෙන ප්‍රසාද ලකුණු දෙවැනි අදියරේ තරගාවලියට ඇතුළත් වනු ඇත. 2017 ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභි කණ්ඩායමයි.
ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම්ද මෙවර තරගාවලියට එක්වී සිටිති.
ක්‍රීඩා සමාජ තරගාවලියට සමගාමීව අවුරුදු 16න් පහළ සහ අවුරුදු 18න් පහළ පාසල් තරගාවලි 2ක් ද පැවැත්වෙන්නේ ඉහත කී තරග මුහුණුවරට අනුවය. ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, කිංග්ස්වුඞ්, ධර්මරාජ, ශාන්ත ජෝශප්, ශාන්ත පීතර, ඉසිපතන, විද්‍යා, වෙස්ලි සහ සහිරා විදුහල් මේ තරගාවලියට ක්‍රීඩා කරති.
ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා සුපර්සෙවන්ස් රග්බි තරගාවලිය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා රග්බි ආයතනය විසිනි.
| ඇක්සස් කිංග්ස් | වෝල්කර්ස් වයිපර්ස් | ||
| 1 | දනුෂ් දයාන් | 1 | ධනුෂ්ක රන්ජන් (නායක) |
| 2 | තරින්ද රත්වත්තේ | 2 | කෙවින් ඩික්සන් |
| 3 | රීසා රෆායිඩීන් | 3 | ශෙහාන් පතිරණ |
| 4 | නිවංක ප්‍රසාද් | 4 | කවිඳු කොස්තා |
| 5 | ලවන්ග පෙරේරා | 5 | දුලාජ් පෙරේරා |
| 6 | රිචී ධර්මපාල | 6 | හිරන්ත පෙරේරා |
| 7 | සඳුන් හේරත් | 7 | ඉරංග ආරියපාල |
| 8 | චූලා සුසන්ත | 8 | මෙකලන්ග ප්‍රමෝද් |
| 9 | සසංක ආරියරත්න | 9 | නාලක මධුරංග |
| 10 | රොමේෂ් රමාඩාස් | 10 | රමේෂ් ප්‍රනාන්දු |
| 11 | විශ්වමිත්‍ර ජයසිංහ | 11 | රෝවන් පෙරී |
| 12 | සාඛ්‍ය බණ්ඩාර | 12 | ලී අවන්ත |
| 13 | ගනිඳු ලක්ෂාන් | 13 | |
| දුමින්ද සිල්වා (කලමණාකරු) | අනුරාධ ෆොන්සේකා (කලමණාකරු) | ||
| සෙටෙෆානෝ කේකු (පුහුණුකරු) | සාලිය කුමාර (පුහුණුකරු) | ||
| රවීන්ද්‍ර වෑකඩපොළ (හෞත චිකිත්සක) | |||
| එටිසලාට් පැන්තර්ස් | එසී වුල්ව්ස් | ||
| 1 | ෆාසිල් මරීජා (නායක) | 1 | චානක චන්දිමාල් |
| 2 | අනුරාධ හේරත් | 2 | සුදර්ශන මුතුතන්ත්‍රි |
| 3 | ශ්‍රීනාත් සූරියබණ්ඩාර | 3 | සුදම් සූරියආරච්චි |
| 4 | සොයුරු ඇන්තනි | 4 | රෙහාන් සිල්වා |
| 5 | නවීන් හේනකංකානම්ගේ | 5 | සුපුන් දිල්ෂාන් |
| 6 | විමුක්ති රාහුල | 6 | සාෂහන් මොහොමඩ් |
| 7 | චාමර දාබරේ | 7 | සුදර්ශන දික්කුඹුර |
| 8 | ශෙනාල් දීලක | 8 | දිනූෂ චතුරංග |
| 9 | 9 | භානුක නානායක්කාර | |
| 10 | නලීන් කුමාර | 10 | සිතුම් පීරිස් |
| 11 | කුෂාන් ඉඳුනිල් | 11 | සුජාන් කොඩිතුවක්කු |
| 12 | මොහොමඩ් රිස්වි | 12 | ඉෂාර මධුෂාන් |
| 13 | 13 | ||
| මහේෂ් කුමාර (කලමණාකරු) | රජීව් පෙරේරා (කලමණාකරු) | ||
| අසංක රොඩ්රිගු (පුහුණුකරු) | සුදත් සම්පත් (පුහුණුකරු) | ||
| කාගීල්ස් ග්ලැඩියේටර්ස් | මොබිටෙල් ඊගල්ස් | ||
| 1 | රිචඩ් ධර්මපාල (නායක) | 1 | ලී කෙගල් |
| 2 | කවිඳු පෙරේරා | 2 | රොෂාන් වීරරත්න (නායක) |
| 3 | ගයාන් වීරරත්න | 3 | අනුරාධ විල්වර |
| 4 | රදීෂ සෙනෙවිරත්න | 4 | තිළිණ විජේසිංහ |
| 5 | ශෙමාල් වීරසේකර | 5 | වජිඩ් ෆව්මි |
| 6 | රංජිත වර්ණපුර | 6 | මොහොමඩ් අබ්සාල් |
| 7 | ගයන්ත ඉද්දමල්ගොඩ | 7 | ප්‍රමෝද් පද්මශංඛ |
| 8 | වගීෂ වීරසිංහ | 8 | ෂාරෝ ප්‍රනාන්දු |
| 9 | පියුම් ජයසිංහ | 9 | ප්‍රසන්ත ජයතුංග |
| 10 | නුවන් පෙරේරා | 10 | මුෂින් ෆලීල් |
| 11 | අශාන් මධුරංග | 11 | චමෝද් ප්‍රනාන්දු |
| 12 | අශාන් ද කොස්තා | 12 | චතුර සෙනෙවිරත්න |
| 13 | 13 | ||
| රුමායිස් රහීම් (කලමණාකරු) | කාවින්ද ජයසේන(කලමණාකරු) | ||
| මුෂ්ටාක් ජිෆ්රේ (පුහුණුකරු) | නිල්ෆර් ඉබ්රහීම් (පුහුණුකරු) | ||
| චෑන් ලෂාන් (හෞත චිකිත්සක) | |||
| සොෆ්ට්ලොජික් වොරියර්ස් | කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් | ||
| 1 | ජේසන් දිසානායක | 1 | සමිත් ධනංජය |
| 2 | නිශොන් පෙරේරා | 2 | බුද්ධිම පියරත්න |
| 3 | සාලිය හඳපාන්ගොඩ | 3 | ඔමල්ක ගුණරත්න |
| 4 | සුරංග බණ්ඩාර | 4 | ලහිරු ලක්ෂාන් |
| 5 | අර්ෂාඩ් ජමාල්ඩීන් | 5 | චරිත් සෙනෙවිරත්න |
| 6 | රෝහිත රාජපක්ෂ | 6 | තිළිණ වීරසිංහ |
| 7 | ඔෂාන් පෙරේරා | 7 | බුවනෙක උඩන්ගමුව |
| 8 | නිරෝෂන් ප්‍රනාන්දු | 8 | සංදේශ් ජයවික්‍රම |
| 9 | උදය ප්‍රනාන්දු | 9 | තනුජ මධුරංග |
| 10 | රුවන් කුමාර | 10 | අදීෂ වීරතුංග |
| 11 | ජේරෝ ධනංජය | 11 | අසිත පුංචිහේවා |
| 12 | අවිෂ්ක ලී | 12 | එරන්ද වීරක්කොඩි |
| 13 | තිවංක බණ්ඩාර | 13 | |
| ශවින්ද නෙල්සන් (කලමණාකරු) | අශාන් සෙනෙවිරත්න (කලමණාකරු) | ||
| ටුලගේස් ටැවිටා (පුහුණුකරු) | මොතිලාල් ජයතිලක (පුහුණුකරු) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.