Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක
නවසීලන්ත සංචාරය

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක

editorial - 2023 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙහෙවින් තරුණ නවසීලන්ත ක්‍රීඩකයන් පිරිසක් හමුවේ සාර්ථක පෙරහුරුවක නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ, ක්‍රයිස්ට්චර්ච් නුවර ලින්කන් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති පුහුණු තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 276 ක් ලබාගත්හ. දෙදින තරගයක් වන මෙම තරගයේ පළමු දිනය නිමාවේදී නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා සිටියේය.

පෙරහුරු තරගයක් වන බැවින් මෙම තරගයේ කොන්දේසිය වන්නේ ක්‍රීඩකයන් 11 දෙනකු පමණක් පන්දු රැකීමත්, 11 දෙනකු පමණක් පන්දුවට පහර දීමත්ය. පිතිහරඹයේදී මෙන්ම පන්දු යැවීමේදීත් අවශ්‍ය පරිදි ක්‍රීඩකයන් හුවමාරු කරගත හැකි බැවින් මෙවන් පෙරහුරු තරග සම්පූර්ණයෙන්ම සුහද මට්ටමින් පැවැත්වෙයි.

ආරම්භක පිතිකරුවා වූ නායක දිමුත් කරුණාරත්න ලකුණු 21 කට දැවී ගිය නමුත් ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව අසීරුවකින් තොරව ලකුණු රැස්කළහ. පැය තුනකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳුණු ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ද සමගින් ලකුණු 78 ක් ලබාගත්තේය. තරමත් ආක්‍රමණශීලීව පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්, පන්දු 87 කදී ලකුණු 95 ක් ලබාගත්තේ හතරේ පහර 16 කින් සහ හයේ පහර දෙකකින් තම ඉනිම අලංකාර කරමිනි.

නවසීලන්ත ක්‍රිකට් ආයතන පිතිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් හත්දෙනකු යොදාගත් නමුත් කඩුල්ලක් දවාගත හැකිවූයේ ළහිරු කුමාරට පමණි.

ශ්‍රී ලංකා සංචිතය - පළමු ඉනිම කඩුලු 4 ට 276
(ඕෂධ ප්‍රනාන්දු නොදැවී 78, දිමුත් කරුණාරත්න 21, කුසල් මෙන්ඩිස් 95, ඇන්ජලෝ මැතිව්ස් 38, දිනේෂ් චන්දිමාල් 35)

නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 1 ට 141
(ජැක් බොයිල් නොදැවී 73 ජේකබ් කමිං 27, ජේකබ් භූලා නොදැවී 37, ළහිරු කුමාර 16/1)

-213


අදහස් (0)

ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පෙරහුරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.