Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන යොනෙක්ස් - සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (4 වැනි කාණ්ඩයේ) බැඞ්මින්ටන් තරගාවලියේ පෙර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට දිනූක කරුණාරත්න ඊයේ (3 වැනිදා) සමත් විය.
පෙරේදා පැවැති මූලික වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස මැලේසියාවේ වින්සන් නියෝ පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් දිනූක, ඊයේ පැවැති දෙවැනි වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස තායිලන්තයේ කේ. වැංග්චරොයෙන් පරාජය කරමින් පෙර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.
එහි පළමු වටය ලකුණු 21/16 ක් ලෙස ජයගැනීමට කේ. වැංග්චරොයෙන් සමත් වුවත් ඉතා තියුණු තරගයකින් අනතුරුව 22/20 ක් සහ 21/9 ක් ලෙස පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි වට ජයගැනීමට දිනූක සමත් විය.
ඒ අනුව ඔහු හෙට (4 වැනිදා) පෙරවරුවේ පැවැත්වෙන පෙර අර්ධ අවසන් වටයේ තරගයකදී ඉන්දියාවේ ආනන්ද් පවර්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. ආනන්ද් පවර් ඉකුත් වසරේ පැවති තරගාවලියේ කේවල පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනාගත් කී‍්‍රඩකයා වේ.
ඊයේ පැවැති කාන්තා කේවල මූලික වටයේ තරග වලට සහභාගී වූ අචිනි රත්නසිරි, ලේඛා ෂෙහානි, කාවින්දිකා බිනුරි සහ ඕෂදී කුරුප්පු යන ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් සිවුදෙනාම පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවතට විසිවූහ.
පෙරේදා පැවැති පිරිමි කේවල මූලික වටයේ තරග වලට සහභාගී වූ සෙසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සියලූ දෙනාම පරාජයට පත්වූ අතර ඉකුත් වසරේ ජාතික ශූරතාව දිනාගත් නිලූක කරුණාරත්නද ඒ අතරේ විය.
තමන් සහභාගී වූ පළමු තරගයේදීම මැලේසියාවේ චුන් සෙයාං ටන් හමුවේ තරග වට 2-0 ක් ලෙස අන්ත පරාජයක් ලැබීම නිසා නිලූකට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ජාත්‍යන්තර අත්දැකීම් බහුල බැඞ්මින්ටන් කී‍්‍රඩකයකු වන නිලූක ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ කණ්ඩායමේ නායකයාද විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි යුගළ සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වූ කණ්ඩායම් හයම එහිදී පරාජය වී තරගාවලියෙන් ඉවත් වෙද්දී කාන්තා යුගළ මූලික වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම් හයම එහිදී නිතරග ජය ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමද මෙහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
පිරිමි කේවල දෙවැනි වටයේ ශ්රී ලංකා කී‍්‍රඩකයන් සහභාගී වූ තරග ප‍්‍රතිඵල
පිරිමි කේවල මූලික වටයේ ශ්රී ලංකා කී‍්‍රඩකයන් සහභාගී වූ තරග ප‍්‍රතිඵල
කාන්තා කේවල මූලික වටයේ ශ්රී ලංකා කී‍්‍රඩිකාවන් සහභාගී වූ තරග ප‍්‍රතිඵල
ඡායාරුපය - ඒෂාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.