
නැගී එන හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයකු වන රුමේෂ් තරංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටියක් (මිලියන 10 ක්) ප්‍රදානය කෙරිණ. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ මඟ පෙන්වීම යටතේ මෙම මුදල ප්‍රදානය කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
ඊයේ (28 වැනිදා) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් රුමේෂ් තරංගට මෙම මුදල ප්‍රදානය කරන ලදි.
“මෙම මූල්‍ය ප්‍රදානය, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ක්‍රීඩා සඳහා සහාය වීමට සහ එම ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සාර්ථකත්වය අත්කර ගැනීමට උත්සාහ දරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරන අඛණ්ඩ උත්සාහයේ කොටසකි“ යයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.