Last Update  :  2025-10-24 12:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරදී

ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරදී

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගය ලකුණු 7 කින් ජයගැනීමට සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (13 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් පසුවන ඉන්දිය කාන්තා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පහසුවෙන් තරගය ජයගැනීමට අවස්ථාව තිබුණද පසුපෙළ පිතිකාරියන්ගේ අදූරදර්ශී පිතිහරඹය හේතුවෙන් ඕවර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 212 ක් පමණි.

අවසන් ඕවර 4 තුළදී කඩුලු 3 ක් අතැතිව සිටි ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට ජයග්‍රහණය සඳහා ලබාගැනීමට තිබූණේ ලකුණු 17 ක් පමණි. නමුත් පන්දුවට එක ලකුණු බැගින් ලබාගනිමින් ජයග්‍රහණය කරා යෑම වෙනුවට දැවැන්ත පහරවල් කරා යෑමට ක්‍රිඩිකාවන් උත්සහ කිරීම හේතුවෙන් ජයග්‍රහණය පෙනි පෙනී පරාජය වැළඳ ගැනීමට ඔවුන්ට සිදුවූහ.

ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකාරියන් තිදෙනෙකු ලකුණු 40 ක් තුළ දැවී ගිය පසු සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ චමරි අතපත්තු සහ ශශිකලා සිරිවර්ධන ඕවර 25 ක් කඩුල්ලේ රැඳි සිටිමින් ලකුණු 89 ක් ලකුණු පුවරුවට එක් කළහ.

පන්දු 95 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට චමරි අතපත්තු සමත්වූ අතර පන්දු 91 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 49 ක් රැස්කිරීමට ශශිකලා සිරිවර්ධන සමත්වූවාය.

ලකුණු 36 ක් තුළ කඩුලු 4 ක් දැවීයාම හේතුවෙන් කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනගමින් ජයග්‍රහණයේ මාවත වෙත ගෙන යෑමට නිලක්ෂි ද සිල්වා සමත්වුවද ඇයගේ දැවීයාමත් සමගින් එම අවසන් බලාපොරොත්තුවද සුනුවිසුණුවී ගියේය. උදේශිකා ප්‍රබෝධනී සමගින් එක්ව අටවැනි කඩුල්ල සඳහා පන්දු 31 කදී ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නිලක්ෂි ද සිල්වා දැවීයන විට වේගවත් ලකුණු 31 ක් රැස්කර සිටියාය. පන්දු 19 කට මුහුණදුන් නිලක්ෂි ද සිල්වාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රිඩිකාවන්ට ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 219 ක් පමණි.

ආරම්භයේ සිටම ඉන්දීය පිතිකාරියන්ට තර්ජනාත්මක පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ඕවර 25 කදී කඩුලු 4 ක් දවාගනිමින් ලබාදී තිබුණේ ලකුණු 73 ක් පමණි.

පස්වැනි කඩුල්ල සඳහා එක්වූ මිතිලා රාජ් සහ ටානියා භාතියා පන්දු 98 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ. පන්දු 121 කට මුහුණදුන් මිතිලා රාජ්ට හතරේ පහර 4 ක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 52 ක් පමණි.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිය මංගල එක්දින ශතකය ලබාගත් ටානියා භාතියා පන්දු 66 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්වූවාය. ටානියා භාතියාට අනගි සහයක් ලබාදුන් දයාලන් හේමලතා පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළාය.

ඉන්දීය ඉනිමේ අවසන් ඕවරයේදී දුවද්දී දැවීයාමක් සමගින් කඩුලු 4 ක් දැවී ගිය අතර ඉන් කඩුලු 3 ක් චමරි අතපත්තුගේ නම ඉදිරියෙන් සටහන් වූවාය. උදේශිකා ප්‍රබෝධනී සහ ශ්‍රීපාලී වීරක්කොඩි අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.