Last Update  :  2025-11-18 20:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ගෝල 4 - 0 කින් තායිලන්තයට පරදී

ශ්‍රී ලංකාව ගෝල 4 - 0 කින් තායිලන්තයට පරදී

editorial - 2025 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී අද (18) පැවැති ආසියානු පාපන්දු  කුසලාන (2027) තෙවැනි නිර්දේශ වටයේ තරගයේදී ශ්‍රී ලංකාව ගෝල 4 - 0 කින් පහසුවෙන් පරාජය කිරීමට තායිලන්තය සමත් විය.

හත් වැනි විනාඩියේදීම ගෝලයක් වාර්තා කරමින් තරගයේ ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජීවය බිද දමමින් ඉදිරියටම ගිය තායිලන්ත කණ්ඩායම තරගයේ නිමාව පෙනි පෙනී 90 වැනි විනාඩියේදී සිව් වැනි ගෝලයත් වාර්තා කරමින් එය අවසන් කිරීම කැපී පෙණුනි. කෙසේවූවත් තමන්ට ලැබුණු ගෝල අවස්ථා කීපයක් ඉතා තියුණු ලෙස මග හැරීම තුළින් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් අවාසනාවන්ත තත්වයකට ඇද දැමීය.

මෙම තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකාව ආසියානු කුසලාන (2027) නිර්දේශ තෙවැනි වටයේ ඩී කාන්ඩයේ තව දුරටත් ප්‍රසාද ලකුණු හයක් ලබා තෙවැනි ස්ථානයේ පසු වුයේ මෙතැන් සිට එහි ඉදිරියට යමේ සියළු බලාපොරොත්තු අත් හැර දමමිනි.ඒ අනුව තායිලන්තය ඊයේ කොළඹදී ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමග එහි පෙරමුණ ගත්තේ ප්‍රසාද ලකුණු 12 ක් රැස් කරමිනි.ඒ මෙතෙක් ඔවුන් එහිදී  මුහුණ දුන් තරග පහකින් හතරකම ජය ලබමිනි.

වර්ෂාව මැද පැවැති ඊයේ තරගයේ හය වැනි විනාඩියේදීම ගෝලයක් වාර්තා කිරීමෙන් තායිලන්තය  පළමු භාගය ගෝල 1 - 0 කින් පෙරමුණ ගත්තේය.අනතුරුව තායිලන්තය වාර්තා කළ සෙසු ගෝල 65 - 77 - 90 වැනි විනාඩි වලදී වාර්තා විය.එහිදී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත්වූ 21 හැවිරිදි ජූඩ් ජේකොබ් සූන්ස්අප් බෙල් එංගලන්තයේ උපන් එහි ලීග් ක්‍රීඩා කරන ද්විත්ව පුරවැසිලාභී ක්‍රීඩකයෙකි.ඔහු ජාත්‍යන්තර තරගයකදී ගෝල වාර්තා කළ පළමු අවස්ථාවත් එය විය.

මෙම තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ   හා තායිලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආදේශන පහක් බැගින් සිදු විය.ශ්‍රී ලංකා ක්‍රීඩක ජේසන් තායප්පරන් විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ් පත ලබන අතර එසේ ඔහු වෙතින් කහ කාඩ් පත ලැබූ තායිලන්ත ක්‍රීඩකයන් ගණන තුනකි.

අද  අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සිදු කළ අළුත්ම ලෝක පාපන්දු (පිරිමි) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 193 වැනි ස්ථානයේත් තායිලන්තය 93 වැනි ස්ථානයේත් තවදුරටත් පසු විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ විශේෂ වෙනස්කම් දෙකක් එහි නිත්‍ය නායක සුජාන් පෙරේරාගේ ඉවත් වීමෙන් සිදුවී තිබුණි.

අසනීප තත්වයක් නිසා ඔහු අද තරගයෙන් ඉවත්වීමෙන් කණ්ඩායම් නායකත්වයට ක්ලෝඩියෝ මාතිස් කැදවා තිබුණි.ඒ අතර කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නාවූයේද සුජාන් පෙරේරා බැවින් ඔහු වෙනුවට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් රැකීමේ කාර්‍යයේ 30 හැවිරිදි කවීෂ් ලක්ප්‍රිය විසිනි.

අද තරගයත් සමග ඔහුගේ ජාත්‍යන්තර තරග අත්දැකීම් තරග තුනකට සීමාවී තිබුණි.

මෙම තරග වටයේදී ප්‍රතිවාදීන් සිව් දෙනා එකි නෙකා දෙවතාවක් බැගින් මුණ ගැසීමේදී බැංකොක් නුවරදී මෙම දෙරට මුණ ගැසුණු පසු ගිය මාර්තු 25 වැනිදා පැවැති පළමු අදියර තරගයෙන් ශ්‍රී ලංකාව තායිලන්තයට පරාජය වූයේ ගෝල 1 - 0 කිනි.

අද කොළඹ තරග ජයත් සමග ආසියානු කුසලාන (2027) අවසන් වටයට ඩී කාන්ඩයෙන් පිවිසීමේ වඩාත්ම විශ්වාසීනියත්වයක් තායිලන්තය විසින් ගොඩ නගා ගෙන තිබුණි.එසේවූවත් ඊයේ අර්කාඩැග් නුවරදී  පැවැත්වීමට නියමිතව තිබූ මෙම ඩී කාන්ඩයේ තුර්ක්මෙනිස්ථානය හා චීන - තායිපේ අතර තරගය තුර්ක්මෙනිස්ථානය ජය ගත්තේ නම් ඔවුන්ද ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12 ක් ලබමින් තායිලන්තය හා සම තත්වයක් ගනු ඇත.

එහිදී ආසියානු කුසලාන අවසන් වටයට ඩී කාන්ඩයෙන් ප්‍රවේශ වන කණ්ඩායම නිර්දේශ කිරීම සදහා වසර 2026 මාර්තු 26 වැනිදා පැවැත්වෙන  එම දෙරට අතර තරගයේ විසදුම දෙස බලා සිටීමට සිදුවේ.

කෙසේවූවත් එදිනම තායිපේ නුවරදී පැවැත්වෙන ශ්‍රී ලංකාව හා චීන - තායිපේ තරගයේ ප්‍රතිපලය ඊට බලපෑමක් නොවේ.

ද්විත්ව පුරවැසිලාභී  ක්‍රීඩකයන් බහුතරයකින් සමන්විත ශ්‍රී  ලංකා කණ්ඩායමට ප්‍රංශයේ ලීග් ක්‍රීඩා කරන දිවිත්ව පුරවැසිලාභීයෙකු වන ක්‍රීඩකයෙකුද අළුතින් එකතුවූ බව වාර්තාවේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව ගෝල 4 - 0 කින් තායිලන්තයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.