Last Update  :  2025-05-29 11:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පදක්කම් 10 ක් දිනාගනී
තායි සටන් කලා ශූරතා තරගාවලිය

ශ්‍රී ලංකාව පදක්කම් 10 ක් දිනාගනී

editorial - 2025 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

07 වන ජාත්‍යන්තර තායි සටන් කලා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම එහිදී රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 10 ක් දිනා ගත්හ. 

ජාත්‍යන්තර සහ තායිලන්ත  මූයි තායි සටන් කළා සම්මේලන විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබූණි . එය ලෝකයේ රටවල් 50 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 ගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ. 

මෙම තරගාවලියේ දී ඒ.ඒ.සහ්ලාන්, සෂේන් කළුබෝවිල සහ එම්.ආර්.එම්. ශහල් රන් පදක්කම් දිනා ගත්හ. අයි.එම්.ඉමාම් , සන්දේශ් තීක්ෂණ , සන්සිළු දිනංජය සහ තිසර අංජන රිදී පදක්කම් දිනා ගත්හ. කුමුදු ප්‍රසන්න , චමත් රාජපක්ෂ සහ රුසිරු රංගනාත් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි .

මෙම ක්‍රීඩකයන් සෙනසුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සදහා ෙක්‍රීඩකයින්ගේ මව්පියෝ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


අදහස් (0)

ශ්‍රී ලංකාව පදක්කම් 10 ක් දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.