Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයේ යුපියා නුවරදී පැවැත්වෙන හත් වැනි දකුණු ආසියානු පාපන්දු වයස 19 න් පහළ (බාලක) තරගාවලියේ මූලික වටයේ තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
පෙරේදා (11) නේපාලයට එරෙහිව මූලික වටයේ සිය දෙවැනි තරගයෙන් ගෝල 5 - 0 ක පරාජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් වටයට නොයා තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු විය.
මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ඉන්දියාවට ගෝල 8 - 0 ක පරාජයක් ලැබීය.ගෝල 1 - 0 ක් ලෙස නේපාලය පළමු භාගයේ පෙරමුණ ගනිමින් පෙරේදා තරගය ජය ගත්තේය.
සිකුරාදා ඉන්දියාව සමග (9) පැවැති තරගයේදී ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව හමුවේ පළමු භාගය ගෝල 4 - 0 ක් ලෙස අවසන් කිරීමට ඉන්දියානුවෝ සමත් වූහ. එහිදී ඩෙනී මෙටී ගෝල ත්‍රිත්වයක් ලැබීමෙන් ඒ වන විට තරගාවලියේ වැඩිම ගෝලලාභියා බවටද ඔහු පත්ව සිටියේය.එම තරගය 5000 කට වැඩි පිරිසක් ක්‍රීඩාංගණයට රැස් වෙමින් නැරඹූහ.
ඒ අනුව තරග දෙකකදී ප්‍රතිවාදීන් ගෝල 13 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගැනීමට සමත්වූවත් ඔවුන්ට එරෙහිව කිසිදු ගෝලයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව නැත.මෙම තරගාවලියට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) දිවයිනට ළගාවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පරාජය ගැන ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා එය සතුටුවිය නොහැකි ප්‍රතිඵලයක් බව පැවැසීය.ජාතික පාපන්දු කණ්ඩායම මේ වන විට ලබා ගනිමින් තිබෙන ධනාත්මක ප්‍රගතිය ඉදිරියේදී මෙරට කනිෂ්ඨ කණ්ඩායම් සදහා අත් කරදීමේ වැඩසටහන් කීපයක්ම ඉදිරියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දියත් කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.