Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් කණ්ඩායම අවස්ථාව රැකගනී
අයි.පී.එල්. - 2025

බැංගලෝර් කණ්ඩායම අවස්ථාව රැකගනී

editorial - 2025 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව සිකුරාදා (23 වැනිදා) පැවැති තරගය ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් වූ නමුත් අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයට යාමේ අවස්ථාවක් සන්රයිසස් පිලට නැත. ලකුණු 42 කින් තරගය පරාජය වූවත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඒ අවස්ථාව ඉතිරිව තිබේ. 

සන්රයිසස් පිතිකරු ඉෂාන් කිෂන් මෙවර අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කළේ ශතකයකින් වුවද එතැන් සිට ඉනිම දහයකදී පන්දු 117 කට මුහුණ දුන් පිතිකරුවා ලබාගත්තේ ලකුණු 125 ක් පමණකි. එහෙත් ඊයේ (23 වැනිදා) සන්රයිසස් පිලට එරෙහිව පන්දු 48 කින් නොදැවී ලකුණු 94 ක් ලබාගත් ඉෂාන් කිෂන්, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබාගත් අවසන් ලකුණු 86 න් 54 ක හිමිකරුවා විය. සන්රයිසස්ලා ලකුණු 231 ක් ලබාගත්තේ ඉෂාන් කිෂන්ගේ ආක්‍රමණශීලී පිතිහරඹය නිසාය. 

බැංගලෝර් පිලට තිබුණේ අසීරු ඉලක්කයකි. තරගය ජයගැනීම සඳහා ඕවරයකදී ලකුණු 11 කට වැඩි වේගයක් ඔවුනට අවශ්‍ය විය. පිල් සෝල්ට් (62) සහ විරාට් කෝලි (43) දෙදෙනා ඕවර 7 කින් ලකුණු 80 ක් ලබාගත් අතර 11 වැනි ඕවරයේදී මයාන්ක් අගර්වාල් දැවී යන විටත් ලකුණු 120 ක් පුවරුවේ තිබිණ. කඩුලු 3 කට ලකුණු 173 ක් ලබා සිටි බැංගලෝර් ක්‍රීඩකයෝ එතැන් සිට ලකුණු 16 කට කඩුලු 7 ක් අහිමිකරගනිමින් ලකුණු 189 කට දැවී ගියහ. 

පුරා මාස දෙකක කාලයක් තිස්සේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය එහි අවසන් සතියට එළැඹ තිබේ. තරගාවලියේ තවත් තරගයක් බැගින් ඉතිරිව තිබෙන නමුත් ගුජරාට් ටයිටන්ස්, පන්ජාබ් කිංග්ස් (තරග 2 ක් ඉතිරිව තිබේ), රෝයල් චැලෙන්ජර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් දැනටමත් අවසන් වටයේ දොරටුවෙන් ඇතුළට පිවිස සිටිති. 

අවසන් සතියේදී පැවැත්වෙන තරග වල ප්‍රතිඵල අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාන මොනවාද යන්න තහවුරු කෙරෙන අතර ඒ අනුව අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තීරණාත්මක අදියරේ තරග පෙළගැස්වෙනු ඇත. 


සන්රයිසස් හයිද්‍රාබාද්  - ඕවර 20 කදී කඩුලු 6 ට 231 යි
(අභිෂේක් ෂර්මා 34, ට්‍රැවිස් හෙඩ් 17, ඉෂාන් කිෂන් නොදැවී 94, හෙන්රික් ක්ලාසන් 24, අන්කීත් වර්මා 26, අභිනව් මනෝහර් 12, පැට් කමින්ස් නොදැවී 13, රොමාරියෝ ෂෙපර්ඩ් 14/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 189 යි
(පිල් සෝල්ට් 62, විරාට් කෝලි 43, මයන්ක් අගර්වාල් 11, රජාත් පතිදාර් 18, ජිතේෂ් ෂර්මා 24, පැට් කමින්ස් 28/3, එෂාන් මාලිංග 37/2)


 

- 213


අදහස් (0)

බැංගලෝර් කණ්ඩායම අවස්ථාව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.