Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දකුණු කොරියාවේ ගුමී නගරයේදී රටවල් 43 කගේ සහභාගිත්වයෙන් අද (27) ආරම්භ වූ 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලික වටයට සහභාගි නොවීය.
එහි මූලික වටයේ තරග අද පැවැත්වුණි. කෙසේවූවත් මූලික වටයේ දෙවැනි තරගය තත්පර 10.40 කට පළමු ස්ථානයට නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝද් යෝධසිංහ හෙට (28 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයට ඉහළින්ම නිර්දේශ ලබා ගැනීමට සමත් විය.
ඉතාලියේ සිට ආසියානු තරගාවලියට සහභාගි වීම සදහා ගුමි නුවරට ළගා වූ යුපුන් අබේකෝන් එහිදී මීටර 100, මීටර 200 සහ මීටර 400 × 4 යන පිරිමි ඉසව් තුනකට තරග වදින බව ප්‍රකාශ වී තිබුණි. කෙසේවූවත් සිය පාදයක පවතින බව කියන ආබාධය තව දුරටත් සුව අතට හැරී නැති බැවින් ගුමී නුවරට ළඟාවීමෙන් පසුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීටර 100 ඉසව්වට තමන් සහභාගි නොවන බවයි.
අද සවස වන විට තිබූ තත්ත්වය අනුව ආසියානු තරගාවලියේදී ඉතිරි ඉසව් දෙකටත් ඔහුගේ සගභාගිත්වය අවිනිශ්චිත බවද වාර්තාවේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන ආරංචි මාර්ග සදහන් කරන පරිදි මීට දින කීපයකට පෙර සිටම ඔහු ගුමී ආසියානු තරග සහභාගිත්වය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයකින් පසූවී තිබේ. යොදා ගත් පරිදි යුපුන්ගේ ඉතාලි ජාතික පුහුණුකරුද ඔහු සමග ගුමි දක්වා පැමිණ නැත.
2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර100 (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් පසුව යුපුන් විසින් මඟ හරින ලද දෙවැනි ආසියානු මලල ක්‍රිඩා තරගාවලිය මෙයයි.
2022 න් පසුව ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිදු ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලියකට මේ දක්වා සහභාගි වී නැත. එහෙත් පසුගිය මැයි 8 වැනිදා ඩුබායි නුවරදී පැවැති ග්‍රෝන් - ප්‍රිී තරගාවලියට සහභාගි වුණු යුපුන්ගේ දක්ෂතාව තත්පර10.39 ක් දක්වා පහතට වැටී තිබුණු අතර ඔහු එම ඉසව්වේ 6 වැනි ස්ථානයට පත් වෙමිණි.
ඩුබායි ගෝන් ප්‍රී තරගයේදී තත්පර10.27 කට තරගය නිමා කළ චමෝද් දෙවැනි ස්ථානයට පත්වීමට සමත් විය.
මේ වන විට 30 හැවිරිදි වියේ පසු වන යුපුන් අබේකෝන්ට මීළඟ (2027) ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පවතින්නේ ඉතා අවම මට්ටමකය. ඔහුගේ මීටර 100 ඉසව්වේ මෙතෙක් හොදම දක්ෂතාවය වන තත්පර 9.96 වසර 2022 දී වාර්තා වූවකි.
මේ අතර 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වූ අද සාර්ථකවූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් මීටර 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ ඉදිරියෙන්ම පසු විය. ඔහු තත්පර 45.74 කට මීටර 400 (පිරිමි) අවසන් පූර්ව තරගය නිමා කළේ මෙම තරග සමයේ මෙතෙක් ඔහුගේ හොදම දක්ෂතාවය වාර්තා කරමින් හෙට පැවැත්වෙන එහි අවසන් තරගයට නිර්දේශ ලැබීය. මූලික වටයේදී ඊයේ ඔහුගේ දක්ෂතාවය වූයේ තත්පර 46.40 කි.
මෙම ඉසව්වේ මූලික වටයට සහභාගි වූ අරුණ දර්ශනගේ දක්ෂතාවය තත්පර 48.10 ක් වීමෙන් ඔහුට එයින්ම ඉවත්වීමට සිදු විය.
මීටර 400 ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක අද තෙවැනි මූලික තරගය තත්පර 53.77 කට තෙවැනි ස්ථානයට නිමා කරමින් අවසන් පූර්ව වටයකින් තොරව හෙට පැවැත්වෙන එහි අවසන් තරගයට නිර්දේෂ ලබා ගත්තාය. ඇය මෙවර තරගාවලියේ ඉසව්වේ වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නේ ගිය වර තරගාවලියේ (බැංකොක් - 2023) එහි රන් පදක්කම (තත්පර 52.61) දිනා ගත් ක්‍රීඩිකාව වීමෙනි.
මේ අතර මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටයට අද සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන නිෂේන්ද්‍රා ප්‍රනාන්දු අවසන් තරගයට නිර්දේශ නොලැබීය. අද ඇගේ ඉසව්වේ කාලය වූයේ තත්පර 53.81කි.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ගුමී තරග සංචාරයට එක්ව සිටින පළපුරුදු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ අද අසාර්ථකවූයේ මීටර 55.53 කට හය වැනි ස්ථානයට පත්වීමෙනි. 37 හැවිරිදි නදීෂා දිල්හානි මීට පෙර ආසියානු ශූරතා රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත් අයෙකි.
පැරිස් ඔලිම්පික් (2024) ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ නායකත්වයද දැරූ දිල්හානීගේ එහිදී දක්ෂතාවයද මීටර 53.66 කට සීමා විය. කෙසේ වූවත් ගිය වර ආසියානූ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම ඇය දිනා ගත් ඇගේ හෙල්ල විසි කිරීමේ දුර මීටර 60.93 ක අගයක් ගත්තේ ඇයට ඉසව්වේ ශ්‍රී ලංකා නව වාර්තාවද හිමි කර දෙමිනි.
අද පැවැති හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ චීන ක්‍රීඩිකා සූ ලින්ග්ඩන් විසිනි. ඇගේ දක්ෂතාවය මීටර 63.29 කි.
චමෝද් යෝධසිංහ සුදුසුකම් ලබා සිටින මීටර 100 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව වටය හෙට (28 වැනිදා) පැවැත්වේ. එහි අවසන් තරගයත් හෙටම පැවැත්වේ. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී සහය දිවීමේ ඉසව් හතරකට තරග වදියි. එහිදී මීටර 400 × 4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව ද හෙට පැවැත්වේ.
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලබන සෙනසුරාදා (31) දක්වා ගුමි නුවරදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.