Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි20 ශූරතාව එන්.සී.සී පිලට

විස්සයි20 ශූරතාව එන්.සී.සී පිලට

Nisanka Sandeepani - 2018 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට එන්.සී.සී. කණ්ඩායම් අද (8 වැනිදා) සමත්විය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සී.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 6 ක ජයක් හිමිකර ගනිමින් ශූරතාවට හිමිකම් කීමට එන්.සී.සී. කණ්ඩායමට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් සී.සී.සී. කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා එන්.සී.සී. කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් රැස් කළේය. 

එන්.සී.සී. කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 7 ක් තුළ දැවී යාමත් සමගින් තෙවැනි කඩුල්ල සදහා එක්වූ භානුක රාජපක්ෂ සහ මහේල උඩවත්ත පන්දු 85 කදී ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් භානුක රාජපක්ෂ සහ මහේල උඩවත්ත අර්ධ ශතක රැස්කරමින් එන්.සී.සී. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. භානුක රාජපක්ෂ පන්දු 51 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළ අතර මහේල උඩවත්ත පන්දු 50 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත්විය.

නුවන් තුෂාර ඕවර 4 කදී ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

ජයග්‍රහණය සදහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. කණ්ඩායමට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 177 ක් පමණි. සචිත් පතිරණ සහ වනිඳු හසරංග වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සචිත් පතිරණ සමත්වූ අතර පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 42 ක් රැස්කිරීමට වනිඳු හසරංග සමත්විය.

චාමික කරුණාරත්න ලකුණු 28 කට කඩුලු 4 ක් සහ ළහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් එන්.සී.සී. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කඩුලු 17 බැගින් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් වන ලසිත් මාලිංගට සහ ධනංජය ද සිල්වාට අද තරගයේදී දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

එන්.සී.සී - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 183
(භානුක රාජපක්ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 32/4)

සී.සී.සී - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී ලකුණු 177
(සචිත් පතිරණ 47, අශාන් ප්‍රියංජන් 29, වනිඳු හසරංග 42, චාමික කරුණාරත්න 28/4, ළහිරු කුමාර 31/3)

 

 

ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර


අදහස් (0)

විස්සයි20 ශූරතාව එන්.සී.සී පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.