කොළඹ විශාඛා විදුහල සහ නුගේගොඩ සුජාතා විදුහල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (29) පැවැති පළමු දැල්පන්දු තරගයෙන් විශාඛා විදුහල් ක්රීඩිකාවෝ ලකුණු 49-10 ක ජයක් ලැබීමට සමත් වූහ.
‘මොට්වානි අභියෝගතා පළිහ’ වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය රන් හටන ලෙසින්ද හැඳින්වේ.
විශාඛා විදුහල් පිල තරගය ආරම්භයේ සිටම සුජාතා විදුහල් පිල ග්රහණයට නතු කරගනිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-4 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
විශාඛා විදුහලේ ලවන්ගා කළුආරච්චි ‘දැල්පන්දු රැජිණ’ ලෙස ද, මෙලනි අමා දක්ෂතම පන්දු විදින්නිය ලෙස ද, පුනාරි දසුන්යා දක්ෂතම ආරක්ෂක ක්රීඩිකාව ලෙස ද, සුජාතා විදුහලේ තීෂනි පෙරේරා දක්ෂතම ප්රහාරිකාව ලෙස ද, සම්මාන ලැබූහ.
දෙවිදුහල් අතර මෙම තරගයට සමගාමීව පැවැති වයස 17 න් පහළ තරගයෙන් ද විශාඛා විදුහල් පිල ලකුණු 18-3 කින් ජය ලැබීය.
වයස 17 න් පහළ තරගයේදී විශාඛා විදුහලේ නෙතුලි නාරංතොට දක්ෂතම පන්දු විදින්නිය ලෙස ද, අනුත්තරා කළුආරච්චි දක්ෂතම ආරක්ෂක ක්රීඩිකාව ලෙස ද, සුජාතා විදුහලේ අපශ්යා දෙව්මිණි දක්ෂතම ප්රහාරිකාව ලෙස ද, සම්මාන ලැබූහ.
වාර්ෂිකව පැවැත්වීමට නියමිත මෙම තරගය එම පාසල් දෙකේම සේවය කළ කීර්තිමත් විදුහල්පතිනියක් වන ක්ලේරා මොට්වානි මහත්මිය අගය කිරීම වෙනුවෙන් ‘මොට්වානි අභියෝග කුසලාන’ ලෙස නම් කර තිබේ.
විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ සහ සුජාතා විදුහලේ විදුහල්පතිනී පුෂ්පා කළුබෝවිල යන මහත්මීන්ගේ ප්රධානත්වයෙන් මෙම තරගය පැවැත්විණි.
|
‘දැල්පන්දු රැජිණ’ සම්මානය - විශාඛා විදුහලේ ලවන්ගා කළුආරච්චි |
|
දක්ෂතම පන්දු විදින්නිය - විශාඛා විදුහලේ මෙලනි අමා |
|
දක්ෂතම ආරක්ෂක ක්රීඩිකාව - විශාඛා විදුහලේ පුනාරි දසුන්යා |
|
දක්ෂතම ප්රහාරිකාව - සුජාතා විදුහලේ තීෂනි පෙරේරා |
|
විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ සහ සුජාතා විදුහලේ විදුහල්පතිනී පුෂ්පා කළුබෝවිල මහත්මීන් අතින් විශාඛා විදුහල් දැල්පන්දු පිලේ නායිකා උපනී රූපසිංහ ශූරතා කුසලාන ලබාගත් අවස්ථාව. |
ඡායාරූප - ළහිරු හර්ෂණ
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.