Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙනස්කම් 2 ක් සමගින් නවසීලන්තය හමුවට

වෙනස්කම් 2 ක් සමගින් නවසීලන්තය හමුවට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

 

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුව ඇතිව නවසීලන්තයට එරෙහිව හෙට (31 වැනිදා) චිතගොන් නුවරදී පැවැත්වෙන තරගය සඳහා කී‍්‍රඩක සංයුතියේ වෙනස්කම් දෙකක් කරමින් පිටියට පිවිසීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම බලාපොරොත්තු වෙයි.

තරග තහනමකට ලක්ව සිටින කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් හෙට තරගයට කී‍්‍රඩා නොකරන බැවින් ඔහුගේ ස්ථානයට ළහිරු තිරිමාන්න කැඳවීමට නියමිතය. එහෙත් පන්දු යැවීමේ අංශයේ කිසියම් වෙනසක්ද කළ යුතුව ඇති හෙයින් කණ්ඩායමේ තවත් ස්ථානයක් රංගන හේරත් සහ සුරංග ලක්මාල් අතර දෝලනය වෙමින් තිබේ.

ඔවුන් දෙදෙනාගෙන් අයකු කණ්ඩායමට එක්වන්නේ නම් අජන්ත මෙන්ඩිස් හෝ සචිත‍්‍ර සේනානායක දෙදෙනාගෙන් අයකුට ස්ථානය අහිමි වන බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි. චන්දිමාල් කී‍්‍රඩා නොකරන බැවින් ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමේ අවස්ථාව පළමු වරට ලසිත් මාලිංගට හිමිවී තිබේ.

පළමු කාණ්ඩයෙන් දකුණු අපි‍්‍රකාව මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටීමත් ප‍්‍රසාද ලකුණු සටහනේදී ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය සම ලකුණු ලබා සිටීමත් නිසා අද පැවැත්වෙන තරගය අර්ධ අවසන් පූර්ව තරගයක තත්ත්වයට පත්ව තිබේ. හෙට තරගයේදී ජයගන්නා කණ්ඩායම එක එල්ලේම විස්සයි:20 ලෝක කුසලාන තරගාලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී.

ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමේ වගකීම බාරගෙන සිටින ලසිත් මාලිංග අද (30 වැනිදා) සවස පැවැති පුවත්පත් සාකච්ඡුාවකදී පවසා සිටියේ හෙට තරගය ජයගත යුතුම තත්ත්වයක සිටින නමුත් ඒ සම්බන්ධයෙන් තමන් සහ කණ්ඩායම දැඩි පීඩනයකට හසු වී නැති බවයි.

”අපි අවසන් වරට කී‍්‍රඩා කරපු ලෝක කුසලාන තරගාවලි හැම එකකම වගේ තීරණාත්මක තරගය ජයගෙන අවසන් පූර්ව වටයට ආවා. හෙට තරගයේදීත් ඒ දේ කරන්න අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා” යයිද මාලිංග පැවසීය.

මාලිංග පවසන ආකාරයට චන්දිමාල්ගේ හිස්තැන පිරවීමේදී බොහෝ දේ සැලකිල්ලට ගත යුතුය.

”මට හිතනෙ දේ මේකයි...වි:20 තරගයකදී පන්දුවට මුහුණ දෙන්න තියෙන්නේ  ඕවර 20 යි. අපේ පිතිකරුවන් ඉන්න තත්ත්වය අනුව ඔවුන්ට  ඕවර 20 ක් මුහුණ දෙන එක ඒ තරම් ප‍්‍රශ්නයක් නෙමේ. ඇරත් ඩිල්ෂාන්, මහේල, කුමාර් සංගක්කාර මේ හැම දෙනාම ලකුණු අතර ඉන්නේ. තිසර පෙරේරා සහ කුලසේකරවත් අමතක කරන්න බෑ”

”අනෙක් කාරණය තමයි අපි තරගයකදී ලකුණු ලබාගන්නවා වගේම අපට එරෙහිව ලබාගන්න ලකුණු නතර කරන්නත්  ඕනේ. පසුගිය තරග කිහිපයේදී (ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර) සුරංග ලක්මාල් හොඳින් දස්කම් දැක්වූවා.

ඇරත් හෙට අපේ තරගයට කලින් තවත් තරගයක් පැවැත්වෙන නිසා ඒ තරගයේදිත් කඩුල්ල හැසිරෙන ආකාරය දිහා බලලා, පින්න ගැනත් හිතලා තමයි තීරණයක් ගන්න වෙන්නේ” යයිද මාලිංග පැවසීය.

නවසීලන්තයේ ඉදිරි පෙළ පිතිකරුවකු වන කේන් විලියම්සන් පවසන්නේ විස්සයි:20 කී‍්‍රඩාවේ ස්වභාවය අනුව බොහෝ්දේ හිතා මතා පාලනය කළ නොහැකි බවයි.

”කොහොම වුණත් කවුරුහරි කී‍්‍රඩකයෙක් හෝ දෙන්නෙක් අවස්ථාවේ හැටියට ඉස්මතු වුණොත්  ඕනම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. ඒ හැකියාව තිබෙන කී‍්‍රඩකයන් අපට ඉන්නවා” යයිද විලියම්සන් පැවසීය.


ශී‍්‍ර ලංකා සංචිතය
කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංග, සීකුගේ ප‍්‍රසන්න, රංගන හේරත්, ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල්

නවසීලන්ත සංචිතය
බ්‍රෙන්ඩන් මැකලම් (නායක), මාටින් ගප්ටිල්, කේන් විලියම්සන්, රොස් ටේලර්, කොලින් මුන්රෝ, කෝරි ඇන්ඩසන්, ලූක් රොන්කි, නේදන් මැකලම්, ටිම් සවුතී, කයිල් මිල්ස්, මිචෙල් මැක්ලෙනගන්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, ඇන්ටන් ඩෙව්සිච්, රොනී හීරා සහ ජේම්ස් නීශම්

 


අදහස් (3)

වෙනස්කම් 2 ක් සමගින් නවසීලන්තය හමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.