Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරුවන් වූ ටෙම්බා බවුමා (72) සහ රීසා හෙන්ඩ්‍රික්ස්ගේ (69) පිතිහරඹයන් හමුවේ අයර්ලන්තයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. බෙල්ෆාස්ට් හිදී ඊයේ (24 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලකුණු 49 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 189 ක් රැස්කිරීමට සමත්විය. පළමු කඩුල්ල සඳහා පන්දු 92 කදී ලකුණු 127 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ටෙම්බා බවුමා සහ රීසා හෙන්ඩ්‍රික්ස් අර්ධ ශතක රැස්කරමින් දකුණු අප්‍රිකාව ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
ටෙම්බා බවුමා පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළ අතර රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් ලබාගැනීමට සමත්විය. ඩේවිඩ් මිලර් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තයට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140 ක් පමණි.
නායක ඇන්ඩි බල්බර්නී ලකුණු 27 ක් ක්‍රෙග් යංග් ලකුණු 22 ක් ලබාගත්තද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ. වියාන් මල්ඩර්, ජෝර්ජ් ලින්ඩේ සහ ලිසාඩ් විලියම්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 189
(ටෙම්බා බවුමා 72, රීසා හෙන්ඩ්‍රික්ස් 69, ඩේවිඩ් මිලර් නොදැවී 36)
අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 140
(ඇන්ඩි බල්බර්නී 27, ක්‍රෙග් යංග් 22, වියාන් මල්ඩර් 10/2, ජෝර්ජ් ලින්ඩේ 21/2, ලිසාඩ් විලියම්ස් 30/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.