Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කේන් විලියම්සන්ගේ විශිෂ්ට ශතකය නිසා සිය දෙවැනි ඉනිමේදී ලකුණු 438 ක් ලබාගත් නවසීලන්තය, වෙලිංටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ බලාපොරොත්තු රඳවාගෙන සිටී. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයට මුහුණ දුන් නමුත්, නොසැලී තම ප්‍රතිවාදීන්ට අභියෝග කළ නවසීලන්ත පිතිකරුවෝ, වෙලිංටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ සිව්වැනි ඉනිමේදී ලකුණු 258 ක ඉලක්කයක් කරා යන ලෙස එංගලන්තයට අභියෝග කළහ.
තරගයේ සිව්වැනි දිනය වූ අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 48 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 210 ක් අවශ්‍ය වී තිබේ. බිඳ වැටුණු සැක් ක්‍රෝලිගේ කඩුල්ල නවසීලන්ත නායක ටිම් සවුති විසින් දවාගන්නා ලදි.
මේ අතරවාරයේදී නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (7,787) රැස්කරගත් පිතිකරුවා වීමේ වාර්තාව හිටපු නායක කේන් විලියම්සන් විසින් අත්කර ගන්නා ලදි. මෙය විලියම්සන්ගේ 26 වැනි ටෙස්ට් ශතකයයි. ටොම් බ්ලන්ඩල් සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 ක සම්බන්ධතාවක් පැවැත්වූ විලියම්සන්, පැය හත හමාරකට වැඩි කාලයක් පුරා පන්දු 282 කට මුහුණ දෙමින් ඒවායින් 12 ක් හතරේ සීමාවට යැවීය.
නවසීලන්තය නැවතත් තරගයට කැඳවාගෙන ඒමෙන් පසු විලියම්සන් දැවී ගිය නමුත් ටොම් බ්ලන්ඩල් ඉනිම අවසන් වන තුරුම කඩුල්ලේ රැඳී සිටියේය. පැය 4 ක් වූ බ්ලන්ඩල්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 9 ක් පමණි. ඉදිරිපෙළ පිතිකරුවන් තියුණු සටනක නිරත වූ නමුත් නවසීලන්තයේ අවසන් කඩුලු 4 ම ලකුණු 5 ක් ඇතුළත බිඳ වැටිණ.
එංගලන්ත පිතිහරඹයට හාත්පසින්ම වෙනස් වූ නවසීලන්ත පිතිහරඹයේ ලකුණු ලබාගැනීමේ වේගය වූයේ ඕවරයකදී ලකුණු 2.97 කි.
එංගලන්තය දෙවැනි වර පන්දු යැවීමේදී සාර්ථකම පන්දු යවන්නා වූ වමතින් දඟ පන්දු යවන ජැක් ලීච් ලකුණු 157 කට කඩුලු 5 ක් දවාගත්තේය. අද සවස තරගයෙන් අනතුරුව ජැක් ලීච් කියා සිටියේ හෙට දිනයේදී ඉලක්කය (258) කරා යාමට එංගලන්ත පිතිකරුවන් නොඉවසිල්ලෙන් සිටින බවයි.
මෙම තරගය ජයගැනීමට එංගලන්තය සමත් වුවහොත් එංගලන්තයට 2-0 ක තරගාවලි ජයක් හිමිවන අතර එය ඔවුන් එක දිගට සහභාගි වූ ටෙස්ට් තරග 12 කදී ලබාගන්නා 11 වැනි ජය වනු ඇත.
නවසීලන්තය තරගය ජයගතහොත් 1-1 ක් ලෙසින් තරගාවලිය සම වෙයි. අනෙක් අතට නවසීලන්තයට මෙම තරගය ජයගත හැකිවුවහොත් එය පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දුන් කණ්ඩායමක් විසින් ටෙස්ට් තරගයක් ජයගත් සිව්වැනි අවස්ථාව වනු ඇත.
තවුරංගා නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තය පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 267 ක ජයක් ලබාගත්තේය.
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 8 ට 435 යි
නවසීලන්තය - පළමු ඉනිම 209 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 202 යි
(ටොම් ලෙතම් 83, ඩෙවොන් කොන්වේ 61, කේන් විලියම්සන් 132, හෙන්රි නිකොල්ස් 29, ඩැරිල් මිචෙල් 54, ටොම් බ්ලන්ඩල් 90, ජැක් ලීච් 157/5)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 1 ක් දැවී 48
(සැක් ක්‍රෝලි 24, බෙන් ඩකට් නොදැවී 23)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.