දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 16 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වු අද (5) දවසේ තරග අවසානයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ප‍්‍රසාද ලකුණු 596 ක් ලබා පෙරමුණේ සිටියේය.
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (ප‍්‍රසාද ලකුණු 574) සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල (ප‍්‍රසාද ලකුණු 310) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටියි. ඉදිරියෙන් සිටින වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේ ශූරතාවත් සමග මේ දක්වා පිට පිටම හත් වරක්ම ශූරතාව දිනා සිටින පාසලයි.
තරගාවලියේ දෙවැනි දිනය වු අද (5) නව තරගාවලි වාර්තා හයක් බිහිවිය.
තරගාවලියේ මේ දක්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිහිටුවා තිබෙන තරගාවලි වාර්තා සංඛ්‍යාව 10 කි.
හෙට (6 වැනිදා) පස්වරු 5.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාප්ති උත්සවය වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් 7 වැනි වරටත් සිදුකරනු ලබයි.
දෙවැනි දිනය අවසානයේ වාර්තා පිහිටු වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:
මීටර 200 ඉසව්ව (13 න් පහළ, බාලක)
රනුක සේනානායක (තත්පර 27.12, ගේට්වේ ජා.පා)
පෙර වාර්තාව: තේජන වාහලතන්ත‍්‍රි (තත්පර 27.39, ඇලීතියා ජා.පා, 2015)
දුර පැනීම (13 න් පහළ, බාලක)
දුලයින් පෙරේරා (මීටර 5.19, ගේට්වේ ජා.පා)
පෙර වාර්තාව: වරුණ අත්තනායක (මීටර 4.85, වත්තල ලයිසියම් ජා.පා, 2011)
දුර පැනීම (19 න් පහළ, බාලක)
ෂෙහාන් විශ්නපෙරුම (මීටර 6.88, වත්තල ලයිසියම් ජා.පා,)
පෙර වාර්තාව: සන්දීප මද්දුමගේ (මීටර 6.60, පානදුර ලයිසියම් ජා.පා, 2015)
මීටර 400 (19 න් පහළ, බාලක)
නිදුල ජයවර්ධන (තත්පර 50.43, ගේට්වේ ජා.පා,)
පෙර වාර්තාව: අදීල් ෆරීඞ් (තත්පර 50.60, වත්තල ලයිසියම් ජා.පා, 2013)
මීටර 100X4 සහය දිවීම (20 න් පහළ, කාන්තා)
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (තත්පර 55.48)
පෙර වාර්තාව: (තත්පර 56.82, කොළඹ ගේට්වේ ජා.පා, 2013)
උස පැනීම (19 න් පහළ, බාලිකා)
ලක්මාලි දොඩම්ගොඩ (මීටර 01.50, වත්තල ලයිසියම් ජා.පා,)
මීටර 800 (20 න් පහළ, පිරිමි)
ගිහාන් ද සොයිසා (වි.2තත්.06.89, වත්තල ලයිසියම් ජා.පා,)
පෙර වාර්තාව: ඞී.රජින්ද්‍ර ( වි.2තත්.11.37, වත්තල ලයිසියම් ජා.පා, 2010)
දුර පැනීම (11 න් පහළ,බාලක)
අනුක් කත‍්‍රිආරච්චි (මීටර 4.41, පානදුර ලයිසියම් ජා.පා,)
පෙර වාර්තාව: රසීම් කරීම් ( මීටර 4.31, පානදුර ලයිසියම් ජා.පා , 2014)
දුර පැනීම (15 න් පහළ,බාලිකා)
සදීපා හෙන්ඩර්සන් (මීටර 4.97, ගේට්වේ ජා.පා,)
පෙර වාර්තාව: දිලිනි ගෝමස් ( මීටර 4.88, ලයිසියම් ජා.පා, 2014)
හෙල්ල විසිකිරීම (20 න් පහළ,බාලිකා)
හංසනී ලියනආරච්චි (මීටර 26.46, ගේට්වේ ජා.පා,)
පෙර වාර්තාව: මහේෂි විජේසේකර (මීටර 23.46, කොළඹ ජා.පා, 2011)
ඡායාරූප - ගයාන් අමරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.