
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමව සත්කාරය දරන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ලෝක කුසලානය හෙට (21 වැනිදා) ශ්‍රී ලංකාවට ගෙන එයි. ලෝක කුසලාන තරගාවලියකට පොරතුව, එහි කුසලානය තරගාවලියට සම්බන්ධ වන රටවලට ගෙන යාමේ සම්ප්‍රදාය අනුව ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන එයි.
ලෝක කුසලානය පළමුවෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවට ගෙන යාමට කටයුතු සූදානම් කර ඇතත් අද සවස් වන තුරුම ඒ සඳහා නිශ්චිත වේලාවක් නියම වී නොතිබිණ. කෙසේ වෙතත් හෙට (21 වැනිදා) සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නගර කිහිපයකදීම ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරෙන අතර ලෝක කුසලානයට ආසන්නවී, ඡායාරූප ගැනීමේ අවස්ථාව ද ක්‍රිකට් ලෝලීන්ට හිමිවනු ඇත.
කොළඹ, මහනුවර සහ දඹුල්ල යන නගර වලදී ප්‍රදර්ශනය කෙරෙන ලෝක කුසලානය යාපනයටත් ගෙන යාමට පිඹුරු පත් සකස් කෙරෙමින් පවතී. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු එක්දින තරගය පැවැත්වෙන මේ මස 22 වැනිදා ලෝක කුසලානය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැගෙන ඒමට ද නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.