Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රහස්‍ වාර්තා කළැයි මල්ලවපොර සභාපති විගණකාධිපතිට දෙහි කපයි

රහස්‍ වාර්තා කළැයි මල්ලවපොර සභාපති විගණකාධිපතිට දෙහි කපයි

editorial - 2026 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන විගණන වාර්තා, ප්‍රකාශන හා ලේඛන බාහිර පාර්ශව අතට පත්ව ඇතැයි එහි සභාපති සරත් හේවාවිතාරණ මහතා චෝදනා කරයි.මේ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට පැමිණිලි කරන බව හේවාවිතාරණ මහතා ජාතික විගණන කාර්යාලයට යොමු කළ ලිපියක දැක්වේ.

විගණන අධිකාරී ඒ.ඒ.ඩී.ටී.ප්‍රියංගනී මහත්මියට මෙම ලිපිය යොමු කර තිබේ.ජාතික විගණන කාර්යාලය විසින් ලබා දෙන උපදෙස් හා නිර්දේශ ක්‍රියාත්මක කිරිමට මල්ලවපොර සම්මේලනය බැදී සිටින බවත් එසේ තිබියදී විගණන කාර්යාලය මල්ලවපොර සම්මේලනයට යොමු කරන රහස්‍ය තොරතුරු ඇතුළත් විගණන වාර්තාව එහි විධායක කමිටුවේ නොවන බාහිර පාර්ශව වෙත සම්ප්‍රේෂණයවී ඇතැයිද මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් සිය සම්මේලනයේ මූලික විමර්ශන වලදී එම රහස්‍ය ලේඛන ජනමාධ්‍ය අතට පත් කළ බවට චෝදනා ලැබූ එච්.එම්.ලක්ෂ්මන් නැමැත්තා ඔහු කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ දරමින් සිටි උප ලේකම් ධූරයෙන් හා විනිසුරු කමිටුවේ තනතුරෙන් ඉවත් කිරීමට එහි විනය කමිටුව ගත් තීරණයට මල්ලවපොර සම්මේලනයේ අට වැනි විධායක කමිටු රැස්වීමේදී අනුමැතිය ලබා දුන් බවත් හේවාවිතාරණ මහතා පවසයි.

    ඒ අනුව මල්ලවපොර ක්‍රීඩා කේෂ්ත්‍රයේ ඔහු දරූ සියලු තනතුරු වලින් තාවකාලිකව ඉවත් කිරීමට මේ වන විට  පියවර ගෙන තිබේ.ඒ අතර ඔහු විසින් මල්ලවපොර සම්මේලනයට ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැවැත්වූ විමර්ශනයෙන් එම චෝදනා පදනම් විරහිත බවට නිර්දේශ කර ඇත.

ඒ තුළින් හෙළිවී ඇත්තේ පදනම් විරහිත චෝදනා ඔහු විසින් දිගින් දිගටම ඉදිරිපත් කිරීමෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රමය හා කාලය අපතේ යාමෙන් රජයට පාඩුවක් කර ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහුට එරෙහිව මල්ලවපොර සම්මේලනය තවදුරටත් නීතිය ක්‍රියාත්මක කරමින් නිර්දේශ ක්‍රියාත්මක කරන බවත් තවදුරටත් ඔහු විසින් ඉදිරිපත් කරන ලිපි ලේඛන හෝ තොරතුරු සම්බන්ධයෙන් මල්ලවපොර සම්මේලනය වග නොකියන බවත් ජාතික විගණන කාර්යාලයට එහි සභාපතිවරය යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබේ.


අදහස් (0)

රහස්‍ වාර්තා කළැයි මල්ලවපොර සභාපති විගණකාධිපතිට දෙහි කපයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.