Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි ක්‍රීඩිකාවෝ සිවුවැනි පරාජයත් ලබති
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

රග්බි ක්‍රීඩිකාවෝ සිවුවැනි පරාජයත් ලබති

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ 5 වැනි ස්ථානයත් 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ඊයේ (31 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයකදී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 58-00 ක් ලෙස පරාජයට පත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 38-00 ක් ලෙස පෙරමුණ ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 20 ක් එක්කර ගත්හ. එහිදී ඔවුන් ලකුණු රැස්කළේ ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුම් 6 ක් සමගිනි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගය පුරා ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදීමටද ස්කොට්ලන්ත ක්‍රීඩිකා‍වෝ වග බලාගත්හ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහභාගි වූ තරගවලදී එංගලන්තය හමුවේ හමුවේ ලකුණු 57-00 ක් ලෙසද, නවසීලන්තය හමුවේ ලකුණු 60-00 ක් ලෙසද, කැනඩාව හමුවේ ලකුණු 74-00 ක් ලෙසද පරාජයට පත්විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 5 වැනි ස්ථානයත්, 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

කෙසේ වුවත් එහිදී ස්කොට්ලන්තය හමුවේද පරාජයට පත්වීම නිසා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 7 වැනි ස්ථානයත්, 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුව ඇත. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (31 වැනිදා) රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතය.


අදහස් (0)

රග්බි ක්‍රීඩිකාවෝ සිවුවැනි පරාජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.