යොවුන් කාන්තාවන්ට තුන්කොන් තරගාවලි දෙකක්
(දමින්ද විජේසූරිය)
ලබන මාසයේදී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන යොවුන් කාන්තා තුන්කොන් තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ 19 න් පහළ බාලිකාවන්ටත් ආරාධනා කර කැඳවා තිබේ. ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල 19 න් පහළ ක්‍රීඩිකාවන් සහභාගි වන මෙම තරගාවලිය අප්‍රේල් මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සහ ගෝල්ඩ් කෝස්ට් නගර වලදී පැවැත්වෙයි.
ලෝකය පුරා වේගයෙන් ඉදිරියට එමින් පවතින කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉලක්ක කරමින්, තරුණ ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් මෙම තරගාවලි පැවැත්වෙයි. ඕවර 50 (එක්දින) තුන්කොන් තරගාවලියක් මෙන්ම විස්සයි-20 තුන්කොන් තරගාවලියක් ද ඊට ඇතුළත් වෙයි.
කෙසේ වෙතත් මෙම තුන්කොන් තරගාවලි දෙක සඳහාම අවසන් තරගයක් ඇතුළත් නොවේ.
තවමත් 17 හැවිරිදි ක්‍රීඩිකාවක වන චමුදි ප්‍රබෝධා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය. 17 හැවිරිදි වුවද, නායිකාවක ලෙසින් ඉදිරියට යා හැකි ක්‍රීඩිකාවක් ලෙසින් තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානයකට ලක්ව සිටින චමුදි ප්‍රබෝධා මීළඟ (යොවුන්) කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් කිරීම තේරීම් කමිටු නිලධාරීන්ගේ අපේක්‍ෂාවයි.
එක්දින තරගාවලියේ කාලසටහන
■ අප්‍රේල් 6 - ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 7 - ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 8 - ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
විස්සයි-20 තරගාවලියේ කාල සටහන
- අප්‍රේල් 11 - ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපෙන් ක්‍රීඩාංගණයේදී
- අප්‍රේල් 12 - ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපෙන් ක්‍රීඩාංගණයේදී
- අප්‍රේල් 13 - ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපෙන් ක්‍රීඩාංගණයේදී
- අප්‍රේල් 15 - ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
- අප්‍රේල් 17 - ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
- අප්‍රේල් 18 - ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී