කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවද, කාන්තා අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයද සමත් විය.
රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 7 ක් දිනාගනිමින් යුද හමුදා ක්‍රීඩකයෝ පිරිමි අංශයේදී දස්කම් දැක්වූ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනාගනිමින් කාන්තා අංශයේදී දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියේ පිරිමි තරග බර පංති 10 ක් යටතේද, කාන්තා තරග බර පංති 8 ක් යටතේද පැවැත්විණ.
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ එම්.එච්.එම්. ගුණරත්න තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතියෙන් තරග කඳුරට බොක්සිං සමාජයේ තරග වැදුණු කේ. ඉන්දුකාදේවි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ නදීක කුමාර දක්ෂතම පරාජිතයා බවට පත්වූ අතර බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතියෙන් තරග වැදුණ පොලිසියේ එල්.අයි.එන්. මල්ෂානි තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත්වූවාය.
මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 141 දෙනෙක් සහභාගි වූහ. අසියානු බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ හිටපු සාමාජිකයකු වූ ප්‍රවීණ වෛද්‍ය ෆ්‍රාන්ස් රාජකුලේන්ද්‍රන් මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
පිරිමි තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
එම්.එච්.එම්. ගුණරත්න (නාවික හමුදාව) විසින් නදීක කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
එච්.එම්. ජයවර්ධන (යුද හමුදාව) විසින් ආර්.එම්. අබේරත්න (යුද හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
එච්.අයි. චාමර (යුද හමුදාව) විසින් යූ.ආර්. රාජපක්ෂ (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
එච්.එම්. බණ්ඩාර (යුද හමුදාව) විසින් එබ්ලිව්.එම්.එස්. කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
පී.එස්. ප්‍රනාන්දු (යුද හමුදාව) විසින් ඩී.එම්. නිලංග (පොලිසිය) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එච්.එම්. මධුවන්ත (පොලිසිය) විසින් ඒ.එල්. පෙරේරා (යුද හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ජී.වී. සම්පත් (යුද හමුදාව) විසින් සිසිර කුමර (ස්ලිම්ලයින් බොක්සිං සමාජය) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ඒ.ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් එච්.එම්. හේරත් (යුද හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
එල්.එම්. ගුණරත්න (යුද හමුදාව) විසින් එස්.එච්. කුමාර (නාවික හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
කේ.එම්. සෙනෙවිරත්න (නාවික හමුදාව) විසින් ඒ.ඩී. රත්නායක (යුද හමුදාව) පරාජය කරන ලදි.
කාන්තා තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
වයි. නුදර්ශනා (කඳුරට බොක්සිං සමාජය) විසින් ටී. ජෙගදීෂ්වන් (විද්‍යාල් බොක්සිං සමාජය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
ඒ. කිතුෂ්වානි (කඳුරට බොක්සිං සමාජය) විසින් යූ.ජී. ජයවීර (පොලිසිය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
කේ. ඉන්දුකාදේවි (කඳුරට බොක්සිං සමාජය) විසින් එල්.අයි.එන්. මල්ෂානි (පොලිසිය) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
ඊ. දිල්කි (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) විසින් එම්.එස්.එස්. ද සිල්වා (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
සී.එල්. උඩුමුල්ල ආරච්චි (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) විසින් ඒ.කේ. ප්‍රනාන්දු (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
ආර්.ටී. සඳුනි (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) විසින් පී.කේ.ඩී. ප්‍රියදර්ශනී (පොලිසිය) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එස්.එච්.කේ. පෙරේරා (පොලිසිය) විසින් පී.කේ.ඩී. ප්‍රියදර්ශනී (පොලිසිය) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
පී.යූ. ජයසුන්දර (පොලිසිය) විසින් එම්.පී. ජයවර්ධන (පොලිසිය) පරාජය කරන ලදි.
දක්ෂතම ක්‍රීඩකයා - නාවික හමුදාවේ එම්.එච්.එම්. ගුණරත්න - ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
දක්ෂතම ක්‍රීඩිකාව - කඳුරට බොක්සිං සමාජයේ කේ. ඉන්දුකාදේවි - බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
දක්ෂතම පරාජිතයා - යුද හමුදාවේ නදීක කුමාර - ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව - පොලිසියේ එල්.අයි.එන්. මල්ෂානි - බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.