Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය කිංග්ස් අවසන් තරගයට
එල්.පී.එල්. 2022

යාපනය කිංග්ස් අවසන් තරගයට

editorial - 2022 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ඉලක්කය පහසු වූවත් වනිඳු හසරංග හමුවේ සැලසුම් සහගත ගමනක නිතර වූ යාපනය කිංග්ස් ක්‍රීඩකයෝ පිට පිටම දෙවැනි වතාවටත්, එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (21 වැනිදා) පැවැති අවසන් වටයේ තරගයේදී ලකුණු 144 ක ඉලක්කයක් කරා ගිය යාපනය පිතිකරුවෝ ඕවර 9 ක්ම ඉතිරිව තිබියදී, ඩක්වර්ත් ලුවිස් න්‍යාය ඔස්සේ, අපේක්‍ෂිත කඩුල්ල පැනගත්හ.

ප්‍රහාරක ඕවර 6 න් ලකුණු 71 ක් ලබාගත් යාපනය කිංග්ස් පිතිකරුවෝ එම කාලයේදී කඩුලු 3 ක් අහිමි කරගත්හ. එහෙත් හිසට ඉහළින් තිබූ වැහි වළාව දෙස බලාගෙනම, ප්‍රවේසමෙන් ඉදිරියට ගිය දුනිත් වෙල්ලාලගේ (නොදැවී 19) සහ සධීර සමරවික්‍රම (නොදැවී 15) ඕවර 11 ක් නිමාවේදී 98 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. වර්ෂාව නිසා තරගය එතැනින් නතර කළ නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව යාපනය කිංග්ස් පිල ලකුණු 24 කින් ඉදිරියෙන් සිටියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම ලකුණු 143 කට සීමා කෙරිණ. ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත් විජේකාන්ත් වියස්කාන්ත්, මහනුවර පිතිකරු ලයිස්තුවේ ඉහළින්ම සිටි පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අෂේන් බණ්ඩාර තිදෙනාම පිටියෙන් ඉවත් කළේය. තරගයේ වීරයා සම්මානය දිනාගනීමට වියස්කාන්ත්ගේ දස්කම් හොඳටම ප්‍රමාණවත් වූයේය.

මහනුවර ආරම්භක පිතිකරු ඇන්ඩි්‍ර ෆ්ලෙචර් ලකුණු 02 කට දැවී ගියද පැතුම් නිස්සංක (35) සහ කමිඳු මෙන්ඩිස් (26) එක්ව, දෙවැනි කඩුල්ල වෙනුවෙන්, පන්දු 42 කදී ලකුණු 61 ක් එක්කළහ. එහෙත් එතැන් සිට ලකුණු 46 ක් පුවරුවට එක්වෙද්දී, මහනුවර පිලේ කඩුලු 5 ක් බිඳ වැටිණ.

පසුගිය වසරේදීත් එල්.පී.එල්. කුසලාන දිනාගත් යාපනය කිංග්ස් කණ්ඩායම මෙවර ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය හිමිකරගත්තේය.

අද තරගය පරාජය වුවත්, අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහනුවර පිලට තවත් අවස්ථාවක් තිබේ. තරගාවලියේ මූලික වටයේදී ඉහළින්ම සිටින කණ්ඩායම් දෙකින් එකක් වීමේ වාසිය එයයි.


මහනුවර ෆෝල්කන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 143
(පැතුම් නිස්සංක 35, කමිඳු මෙන්ඩිස් 26, අශේන් බණ්ඩාර 13, නජිබුල්ලා සද්රාන් 22, කාලෝස් බ්‍රැත්වෙයිට් 12, චාමික කරුණාරත්න 14, මහීෂ් තීක්‍ෂණ 24/2, විජේකාන්ත් වියස්කාන්ත් 30/3)

යාපනය කිංග්ස් - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී 98 යි
(රමනුල්ලා ගුර්බාස් 10, අවිශ්ක ප්‍රනාන්දු 21, අෆිෆ් හොසේන් 14, සධීර සමරවික්‍රම නොදැවී 15, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19, කාලෝස් බ්‍රැත්වෙයිට් 32/2)

 


අදහස් (0)

යාපනය කිංග්ස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.