Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සංවිධානය කරන එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට යසිත ද සිල්වා සහ හීරා ආෂික් අද (17 වැනිදා) සමත් වූහ.
අවසන් පූර්ව වටයේදී තියුණු තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරමින් හීරා අෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. යසිත ද සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී මුෆාසල් හුසේන්ට එරෙහිව වට 2-0 ක් ලෙස පහසු ජයක් අත්කර ගනිමිනි.
තරගාවලියේ කාන්තා අවසන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු සමත් වූහ. අවසන් පූර්ව වටයේ තරග වලදී වට 2-0 ක් ලෙස සෙනුරි ඇලෙක්සැන්ඩර් පරාජය කිරීමට රුක්ෂිකා විජේසූරිය සමත් වූ අතර වට 2-0 ක් ලෙස නිම්නා ප්‍රනාන්දු පරාජය කිරීමට රොෂෙන්කා ප්‍රනාන්දු සමත් වූවාය.
ඒ අනුව යසිත ද සිල්වා සහ හීරා ආෂික් අතර පැවැත්වෙන පිරිමි අවසන් මහ තරගය මෙන්ම රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු අතර පැවැත්වෙන කාන්තා අවසන් මහ තරගයද ලබන 20 වැනිදා එස්. එස්. සී. ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ කාන්තා යුගල සහ මිශ්‍ර යුගල අවසන් මහ තරගත්, පිරිමි යුගල අවසන් පූර්ව තරගත් හෙට (18 වැනිදා) පැවැත්වේ.
කාන්තා කේවල අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් වන රුක්ෂිකා විජේසූරිය සහ රොෂෙන්කා ප්‍රනාන්දු කාන්තා යුගල අවසන් තරගයේදී නිම්නා ප්‍රනාන්දුට සහ ජනාලි මනම්පේරිට එරෙහිව තරග වැදීමට නියමිතය.
පිරිමි කේවල අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින යසිත ද සිල්වා, හිටපු ජාතික ශූරියක වන අම්රිතා මුත්තයියා සමග එක්ව මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී සංඛ අතුකෝරලට සහ සෙනුරි ඇලෙක්සැන්ඩර්ට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි.
සංඛ අතුකෝරල සහ යසිත ද සිල්වා පිරිමි යුගල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජාට සහ අවින්ද්‍ර පෙරේරාට එරෙහිව තරග වැදීමට නියමිත අතර ප්‍රසන්න අතාවුද සහ සුරේන් බාලචන්ද්‍රන් දෙවැනි අවසන් පූර්ව තරගයේදී රුක්මාල් කුරේට සහ එන්. එස්. නිෂේන්ද්‍රන්ට එරෙහිව තරග වැදීමට නියමිතය.
අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල
පිරිමි කේවල
කාන්තා කේවල
කාන්තා යුගල
මිශ්‍ර යුගල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.