Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන පාකිස්තාන සංචිතය අද (18 වැනිදා) ප්‍රකාශයට පත්කළ අතර මොහොමඞ් අමීර් සහ අසීෆ් අලීට 15 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයේ ස්ථානයක් හිමි ව නැත. සර්ෆ්‍රාස් අහ්මඞ්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පවරා තිබේ.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරගය සඳහා නම්කළ සංචිතයට මොහොමඞ් අමීර් සහ අසීෆ් අලී ඇතුළත්ව ඇති අතර එහිදී දක්වන දක්ෂතා අනුව ලෝක කුසලාන අවසාන සංචිතයට එක්වීමේ අවස්ථාව ඔවුන් හිමිවේ.
2015 ලෝක කුසලාන සංචිතයට නම්කර සිටි සර්ෆ්‍රාස් අහ්මඞ්, හැරිස් සොහෙල්, ජුනයිඞ් ඛාන් සහ මොහොමඞ් හෆීස් මෙවර සංචිතයටද නම්කර තිබේ.
ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, අබිඞ් අලී, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ශදාබ් ඛාන්, ඉමාඞ් වසීම්, හසන් අලී, ශහීන් ෂා අෆ්රිඩි, ෆහීම් අශ්රාෆ්, මොහොමඞ් හස්නෙයින් මෙවර ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පාකිස්තාන සංචිතය
සර්ෆ්‍රාස් අහ්මඞ් (නායක), ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, අබිද් අලී, බාබර් අසාම්, ශොයිබ් මලික්, මොහොමඞ් හෆීස්, ශදාබ් ඛාන්, ඉමාඞ් වසීම්, හසන් අලී, ශහීන් ෂා අෆ්රිඩි, ජුනයිඞ් ඛාන්, හරිස් සොහෙල්, ෆහීම් අශ්රාෆ්, මොහොමඞ් හස්නෙයින්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.