Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා සිවුවැනි සහ අවසන් කණ්ඩායම තීරණය කෙරෙන තීරණාත්මක තරගයක් හෙට (21 වැනිදා) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වේ.
මෙම තරගය ජයගැනීමට හැකි වුවහොත් දිල්ලි කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. එසේ වුවහොත් දැනට ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවනු ඇත.
මූලික වටයේ තරග 67 ක් නිමාවට පත්වන විට කණ්ඩායම් 3 ක් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටින අතර කණ්ඩායම් 5 ක් තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ. ගුජරාට් ලයන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම විය. ඉන් අනතුරුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අවසන් වටයට පිවිසියේය. විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම් දෙකම අයි.පී.එල්. තරගාවලියට මේ වසරේදී අලුතින් එක්වූ කණ්ඩායම් වීමය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තවමත් නිල වශයෙන් අවසන් වටයට සුදුසුකම් ලබා නොසිටියද, ඔවුන් පසුකර යෑමට වෙනත් කණ්ඩායමක් නොමැති බැවින් ඔවුන්ටද මේ වන විට අවසන් වටයේ ස්ථානයක් වෙන්කරවාගෙන සිටියි.
මූලික වටය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද (20 වැනිදා) පැවැත්වෙන තරගය ජය ගැනීමට රාජස්ථාන් කණ්ඩායම සමත් වුවහොත් ඔවුන්ට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් වටයට පිවිසීමට අවස්ථාව උදාවනු ඇත.
සේ වුවත් එම තරගයෙන් ඔවුන් පරාජයට පත් වුවහොත් ඔවුන්ට අවසන් වටයට පිවිසීමට සිදුවන්නේ ලකුණු සටහනේ තෙවැනියා හෝ සිවුවැනියා ලෙසිනි. ඒ සඳහා ඔවුන්ට හෙට දිල්ලි සහ මුම්බායි කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය නිමාවන තෙක් බලා සිටීමට සිදුවනු ඇත. එසේ වුවහොත් රාජස්ථාන් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසකම් ලබාගැනීම සඳහා තවත් තරග 2 කට ක්‍රීඩා කිරීමටද සිදුවනු ඇත.
කොල්කටා නයිට් රයිඩර්ස්, පන්ජාබ් කිංග්ස්, සන්රයිසස් හයිද්‍රාබාද්, චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ. එම කණ්ඩායම් අතරින් මුම්බායි කණ්ඩායම 5 වරක්ද, චෙන්නායි කණ්ඩායම 4 වරක්ද, කොල්කටා කණ්ඩායම දෙවරක්ද, හයිද්‍රාබාද් කණ්ඩායම එක්වරක්ද අයි.පී.එල්. ශූරතාව දිනා තිබේ.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය මෙම මස 24 වැනිදා කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් එම තරගයට සහභාගිවනු ඇත.
අවසන් වටයේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය නොහොත් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේද කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදීය. මෙම මස 25 වැනිදා පැවැත්වෙන එම තරගය, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වේ.
පළමු අවසන් පූර්ව තරගයේ පරාජිතයන් සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේ ජයග්‍රාහකයන් ගැටෙන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය නොහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය මෙම මස 27 වැනිදා පැවැත්වෙන්නේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය.
තරගාවලියේ සමාප්තිය සනිටුහන් කරමින් පැවැත්වෙන අවසන් මහ තරගය මේ මස 29 වැනිදාට යොදා තිබේ. පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහ දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහභාගිවන එම තරගයද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.