
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ ලිග් රග්බි ශූරතා තරගාවලියේ තීරණාත්මක තරඟයක් වශයෙන් සැලකෙන, ගියවර ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ ශූරතා දෙකම දිනාගත් ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර් ඇන්ඩ් එෆ්.සි. පිලත් අතර නිත්තවලදී ඉරිදා (11) පැවැත්වීමට නියමිත තරඟය දැඩි කොන්දේසි යටතේ පැවැත්වීමට සත්කාරක මහනුවර ක්‍රීඩා සමාජය පියවර තිබේ.
මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපති මහේෂ් විරසිංහ මහතා පවසන්නේ තරඟයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 100 කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට නියමිත බවයි. පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ද පෙර තරඟ වලට වඩා වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
අවශ්‍ය වුවහොත් ආරක්ෂක අංශ විසින් ක්‍රීඩාපිටියට ඇතුළුවන ප්‍රේක්ෂකයන්ගේ ශරීර පරීක්ෂාවකට ලක්කරන බවත් වතුර බෝතල්, රතිඤ්ඤා, වර්ණ දුම් නිකුත් කරන පැරා ඇතුළු සියලුම ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය ක්‍රීඩා පිටියට රැගෙන ඒමට අවසර නොලැබෙන බවත් වීරසිංහ මහතා පැවසීය.
තරඟය ආරම්භ වීමට පෙර දෙපාර්ශවයේම ආධාර කරුවන් දැනුවත් කිරීමක් සිදු කරන බවත් පැවසූ මහේෂ් වීරසිංහ මහතා තරඟයේ ජය පරාජය කුමක් වුවත් සාමකාමීව හැසිරෙමින් තම පිල ලීග් ශූරතාවය සඳහා යන ගමනට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබා දෙන ලෙසද මහනුවර ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.