Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැංගලෝර් පිල කඩයිම් වටයට

බැංගලෝර් පිල කඩයිම් වටයට

editorial - 2021 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සාජාහිදී පැවැති තරගයකදී පංජාබ් කිංග්ස් පිලට එරෙහිව ලකුණු 6 ක ජයක් ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩයිම් වටයට සුදුසුකම් ලබාගැනීමට අද (3 වැනිදා) සමත්විය. බැංගලෝර් පිලට එරෙහිව ලැබූ පරාජයත් සමගින් කඩයිම් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවූ පංජාබ් කිංග්ස් පිලට මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය පංජාබ් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් වූ ලෝකේෂ් රාහුල් සහ මයන්ක් අගර්වාල් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 65 කදී ලකුණු 91 ක සාර්ථක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ගොඩනැගුවද පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවූහ.

මයන්ක් අගර්වාල් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 57 ක් ලබාගත් අතර ලෝකේෂ් රාහුල් පන්දු 35 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 39 ක් ලබාගැනීමට සමත්විය. ලකුණු රැස්කිරීමේ වේගය වැඩිකිරීමට ගත් උත්සහයකදී දැවී ගිය ඒඩ්න් මාක්‍රම් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් ලබාගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ යුස්වේන්ද්‍ර චාහල් සිය ඕවර 4 ලකුණු 29 කට සිමාකරමින් කඩුලු 3 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 164 ක් ලබාගැනීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු  57 ක් රැස්කළ අතර දෙව්දූත් පඩික්කල් පන්දු 38 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. විරාට් කෝලී ලකුණු 25 ක් සහ ඒ.බී.ඩිවිලියර්ස් ලකුණු 23 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

සිය ඕවර 4 ලකුණු 12 කට සීමාකර කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මොයිසස් හෙන්රිකස් සමත්වූ අතර මොහොමඩ් ශාමී ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත්තේය.

 

බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 164

(විරාට් කෝලී 25, දෙව්දූත් පඩික්කල් 40, ග්ලෙන් මැක්ස්වෙල් 57, ඒ.බී.ඩිවිලියර්ස් 23, මොයිසස් හෙන්රිකස් 12/3, මොහොමඩ් ශාමී 39/3)

 

පංජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 158

(ලෝකේෂ් රාහුල් 39, මයන්ක් අගර්වාල් 57, ඒඩ්න් මාක්‍රම් 20, යුස්වේන්ද්‍ර චාහල් 29/3)


අදහස් (0)

බැංගලෝර් පිල කඩයිම් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.