මිචෙල් ජොන්සන් සහ බ‍්‍රැඩ් හැඩින් එක්ව ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ‍්‍රලියානු පිලට යම් තරමක සැනසීමක් ගෙන ආ නමුත් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවරදී පැවැතිවෙන පළමු අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්ත පිල තරගයේ වාසිය සියතට ගෙන සිටියේය. දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 273 ක් ලබා සිටියේය.
දිවා ආහාරයට පෙර කඩුල්ලක් පමණක් දැවී ලකුණු 71 ක් සේ දිස්වූ ඕස්ටේ‍්‍රලියානු ලකුණු පුවරුව, ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දු යැවීම නිසා දිවා ආහාරයෙන් පසුව කඩුලූ 6 ක් දැවී 132 ක් බවට පරිවර්තනය විය.
පසුව මිචෙල් ජොන්සන් සමග එක්වූ බ‍්‍රැඞ් හැඩින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොනංවමින් ඕස්ටේ‍්‍රලියානු පිලට තරමක සැනසීමක් ගෙනා නමුත් දෙවැනි නව පන්දුව අතට ගත් බ්‍රෝඞ් ඕස්ටේ‍්‍රලියානු කඩුලූ රකින්නාගේ ඉනිම ලකුණු 64 කට සීමා කරමින් එම සම්බන්ධතාවද බිඳ දැමීය.
සිය 50 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන බ‍්‍රැඩ් හැඩින් දිනය අවසන් වන විට නොදැවී ලකුණු 78 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ‍්‍රලියානු පිල පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් මුලූ ලකුණු සංඛ්‍යාව 12 ක් ව තිබියදී කි‍්‍රස් රොජර්ස් දැවී ගියේය. ෂේන් වොට්සන් සහ මයිකල් ක්ලාක් දෙදෙනාම දැවී යද්දී ඬේවිඞ් වෝනර් ලකුණු 49 ක් ලබාගත් නමුත් බ්‍රෝඩ්ගේ පන්දුවක් හරවා කෙවින් පීටර්සන් වෙතට උඩපන්දුවක් ලෙසින් යැවූ වෝනර් දැවී යාමත් සමගම තරගයේ වාසිය එංගලන්ත පිල දෙසට නැඹුරු විය.
සිය මංගල ටෙස්ට් තරගයට අද සහාභාගි වූ ඕස්ටේ‍්‍රලියානු පිලේ වි:20 නායකයා වන ජෝර්ජ් බේලි ලකුණු 3 කට දැවී ගියේය.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 8 ක් දැවී 273
ඬේවිඩ් වෝනර් 49, ෂේන් වොට්සන් 22, ස්ටීවන් ස්මිත් 31, බ‍්‍රැඩ් හැඩින් නොදැවී 78, මිචෙල් ජොන්සන් 64, ජේම්ස් ඇන්ඩසන් 61/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 65/5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.