Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිට පළාත් ක්‍රීඩකයෝ කොළඹ පිල පරදවති

පිට පළාත් ක්‍රීඩකයෝ කොළඹ පිල පරදවති

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු රග්බි ක්‍රීඩකයකු වන චන්ද්‍රශාන් පෙරේරා මහතා වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් පැවැති රග්බි තරගයේදී පිට පළාත් කණ්ඩායම විසින් ලකුණු 24-12 කින් කොළඹ පිල පරාජය කරන ලදි. මෙම තරගය විදුලි ආලෝකය මධ්‍යයේ ඊයේ (09) පස්වරුවේදී හැව්ලොක්ස් පිටියේදී පැවැත්විණ. 

චීන තායිපේහිදී ලබන මස පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සභාගි වන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ තේරීම් තරගය ලෙසින්ද මෙම තරගය ෂලකන ලද හෙයින් රග්බි තේරීම් කමිටු සාමාජිකයෝද තරග නැරඹීමට පැමිණ සිටියහ.  

තරගයේ පළමු අර්ධය අවසන් වන විට පිට පළාත් ක්‍රීඩකයෝ ලකුණු 19-0 ක් ලෙස ඉදිරියෙන් පසු වූහ. 

පිට පළාත් පිලේ රීසා රෆයිඩීන් තරගයේ හත්වැනි මිනිත්තුවේදී වම් පස කොඩි කණුව ආසන්නයෙන් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර එහි ගෝල ප්‍රවර්ථනය තිළිණ විජේසිංහ වෙතින් ගිලීහි ගියේය. ඒ අනුව මහනුවර පිල ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. 

පළමු අර්ධයේ 26 වැනි මිනිත්තුවේදී කවිඳු පෙරේරා මීටර 50 ක් පමණ දිවයමින් රොෂාන් වීරරත්නට ලබාදුන් පන්දුව වීරරත්න ගෝල සීමාවේ පතිත කළේය. සැමුවෙල් මධුවන්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 12-0 ක් බවට පත්විය. 

තිළිණ විජේසිංහ 31 වැනි මිනිත්තුවේදී මහනුවර පිලට එකතු කළ උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 19-0 ක් බවට පත්විය. 

කොළඹ පිල ඉදිරියෙන් විනාඩි 60 ක් පැවැති බිංදුව ඉවත් කරමින් දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී ප්‍රසාද් මධුසංඛ සම්පූර්ණ කළ උත්සාහක දිනුම රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 19-7 ලෙස දිස්විය. 

මහනුවර පිලට අෂේන් බණ්ඩාර 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු තත්ත්වය 24-7 බවට පෙරලුණි. තරගය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී ලසිඳු ඉෂාන් කොළඹ පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු තත්ත්වය 24-12 ක් බවට පත්විය. 

තරගය අවසන් වීමට මිනිත්තු පහක් පමණ තිබියදී මහනුවර පිල නියෝජනය කළ නිවංක ප්‍රසාද් අනතුරකට ලක්ව රෝහල්ගත කළේය. ඔහුගේ ගෙලට හානි සිදුවී ඇති ආකාරයක් දැකගත හැකිවිය. 

  

5t
2r
1w

ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර


අදහස් (0)

පිට පළාත් ක්‍රීඩකයෝ කොළඹ පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.